.

.

Oct 27, 2016

සිරිපාදේ, එටිසලාට් හා කන්ඩළම - Adam's Peak, Etisalat & Kandalama


මේ සිරීපාදය නොව මැලේසියාවේ ජෙන්ටින්ග් හයිලන්ඩ්ස්ය

යහපාලන ගොබ්බ ආන්ඩුව ඉකොනොමි එකෙන් නාගත්තේ, ඒවන විට කෙරෙමින් තිබූ සංවර්ධණ වැඩ කටයුතු සියල්ලම නවතා දැමීමේ මරි මෝඩ තීරණය නිසාය. හේතුව වෙන කිසිවක්ම නොවේ. හොරා කෑමේ නොනිත් ආසව පමණමය. එයින් කෙලවූ කෙලවීම කෙසේද යත් ඔළුව උස්සාගැනීම සිහිණයක්ම බවට පත්ව ඇත්තේය. දැන් හොරා කන්න තියා, එදා වේලවත් කා ගන්න බැරි නිසා වැට් එක හැම එකාටම ගසා සුළු ව්‍යාපාරිකයින්ද ජන්මාන්තර වෛරක්කාරයින් කර ගැනිමේ මගඟු කාර්යයට අත ගසා ඇත. 

ඒ වන විට ඉතා සාර්ථකව කෙරෙමින් පැවතුන පෝට් සිටි ව්‍යාපෘතිය හා අධිවේගී මාර්ග සංවර්ධනය දිගටම පවත්වා ගෙන ගියේ නම්, මේ නස්පැත්තිය කවදාවත් ඇති වන්නේ නැතිය. නැතිවූ සෘජු මෙන්ම වක්‍ර රැකියා ප්‍රමාණය ලක්ෂ ගනනකි. ව්‍යාප්‍රති ක්ෂේශ්ත්‍රයේ නියුක්තව උන් පිරිස නැවත්ත රට දමා යන්නට ගියේය. කොන්ත්‍රාත් කරුවෝ හිඟන්නෝ විය. කළ විනාශය එතරම්ය. එහි ප්‍රතිඵල ලෙස රටේ ආර්ථික වර්ධන වේගය 4 ටත් වඩා පහළට බැස ඇත.

කළ යුතුව තිබුනේ ඒවා නවතා දැමීම නොව කළමණාකරණ වෙනස්කම් හා නීතීමය කාරනා පිලිබඳ ගැටලු වූයේ නම්. ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිද්දීම නිරාකරණය කර ගැනීමයි. පෞදගලික අංශයේ එසේ කරනා අවස්ථාවන් බොහෝය. කොන්ත්‍රාත්කරුවන් සැපයුම්කරුවන් වෙනස් වූවද ව්‍යාපෘති නවතා දමන්නේ නැත. 

එක්ටා ගිවිසුම ගැන අනිවාර්යයෙන් ජනපති දැනුවත් කළ යුතුය. දැනටමත් ඉන්දියාවේ ගොස් අගමැති කළ ප්‍රකාෂය ගැන, ජනපතිගේ වන්දිභඨ්ඨයන් විරෝධතා ප්‍රකාෂ කොට අවසානය. දෙපැත්තම කරන්නේ මේ දේ කලේ අපයි කියා ළකුණු දා ගැනීමට දත් කෑමයි. රටට අවශ්‍යව ඇත්තේ කලේ මොකාද නොව, මොකා හෝ රටට දෙයක් කිරීමයි. මෙහිදි රෙදි බැනියම් කාරයන් දැණුම්වත් කිරීම හෝ කුමන අල්ලසක් දී හෝ නම්මවා ගැනීම රටට යහපතක් මිස විනාශයක් වන්නේ නැත. 

සිරීපාදේ හෝටලයක් ඉඳිකිරීම ගැන කතාබහක් ඇති වන්නේ මේ අතරය. මුලින්ම මෙයට බයියන්ගේ විරෝධයක් පැන නැගුනද, එය බැසිල් රාජපක්ෂගේ ගේමක් බව දැන ගැන්මෙන් පසු, කෑ ගැසූ බයියෝ ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. මෙය කවුරුන් කලද ඉතා හොඳ යෝජනාවකි. කලක් සිරීපාද කඳු මුදුනට කේබල් කාර් සේවයක් පටන් ගැනීමට ගියද, එයත් ගොන් වස්සන්ගේ විරෝධය හමුවේ යටපත් විය. අදත් ශ්‍රී පාදය වැදගැනීමට ආසාව ඇති, එහෙත් කඳු නැගීමට නොහැකි වයෝවෘද පිරිස බොහෝය. එවන් සේවයක් තිබුනේ නම්, ඔවුන්ට කොතරම් පහසුවක්ද?

කොහොමත් අම්මට සිරි ලංකාවේ සිටිනා ගල් වැද්දෝ වෙනස් වීම් වලට බොහෝ බයය. උන් හිතන්නේ මේ ලෝකයේ තියෙනා උතුම්ම රට මෙයයි කියාය. මේ රට වෙනස් නොවිය යුතුය. කිසිවකු මෙහි ආ යුතු නැත. ජේම්ස් පැකර්ද එලවා ගත්තේය. එහත් මහින්දලා උන්නා නම් ජේම්ස් පැකර් මෙහි පැමිණීමට නියමිතව තිබුනි. නිර්භීත නායකයන් කියන්නෙ එහෙම උදවියටය. 

Heritage of Kandalama
කන්ඩලමේ වැව් තාවුල්ලේ හෝටලයක් ඉඳිකිරීමට යාමේදීත් සිඳු වූයේ මේ දෙයමය. එදා වැව් තාවුල්ලේ ගිනි තියාගෙන නිවන් දකින්නට ගිය උන්, අද තුන් වේල වළඳන්නේ කන්ඩලම හෙරිටේජ් හෝටලයෙන් පිරිනමනා දානයෙනි. ඒ අපේ මහා සංඝරත්නයේ විරෝධතාය. අම්භපාලියන් හමුවේ චීවර දමනය සිඳු වූයේ එසේය. ඒ රණසිංහ ප්‍රේමදාස නම් තෙම්පරාදු දේශපාලඥ්ඥයාගේ කපටි මොළයේ තරමය.

අද කන්ඩලම හෝටලය ලංකාවේ ඇති සුන්දරම හා හොඳම හෝටලය ලෙස කිරුළු පළඳා අවසානය. ලාංකිකයෝද කිසිම අඩුවක් නැතිව පැමිනෙති. පරිසරයට කිසිඳු අතුරු ආන්තරවාක් නොකර එය මනාව රකිමින්, ජෙෆ්‍රි බාවා නම් අපූරූ ගෘහ නිර්මාණ ශිල්පියා ඉඳිකළ හෝටලය නිසා, ඇත්තටම ඒ පරිසරය මනාව රැකේ. රැකියාවෙ නියුතුව සිටින්නේ ගම් වාසින්ය. 

ජෙෆ්‍රි බාවා
සිරිපාදෙන් මහවැලි කැළණි කළු වලවේ යන මහා ගංඟා ගලා හැලෙනවා යන්නද අමූලික බොරුවකි. සිරිපා සමයේදී අපේ කාළකන්නින් ඒ පරිසරයට කරනා විනාශය හෝටලයක් ඉඳිකිරීමට කරනා විනාශයට වඩා බොහෝ ඉහළය. එහි හෝටලයක් ඉඳිකිරීමට යන්නේ නම් ආන්ඩුව එයට ඉඩ ලබා දිය යුතුය. ආගමික චාරිත්‍ර වාරිත්‍රවලට අවහිර නොවනාකාරයට එය සිඳුවිය යුතුය. මෙහි ඉඳිවන්නේ හෝටලයක් මිස පල්ලියක් නොවන බව මරි මෝඩ ජනතාවට තේරුම් කළ දිය යුතුය. 

මෙවන් අවස්ථාවන් මග හැරීමෙන් වන්නේ අනෙකුත් ආයෝජකයන්ද අඩපන වීම පමණි. ආන්ඩුව සිට ගන්නේ ගල් වැද්දන් සමඟද අයෝජකයින් සමගද යන තීරණයකට කෙලින් පැමිනිය යුතුය. කොන්ද පන නැති නිවට බියගුළු නායකයින්ට ආයෝජකයන් කිසි සේත්ම කැමති නැත. ඔවුන් එකාධිපතියන්ට ඊට වඩා බොහෝ සෙයින් කැමතිය.

ඇත්ත වශයෙන්ම බුදු රජානන් වහන්සේ සුමන සමන් ඉන්නා කාලයේ සමනල කන්දේ සිරිපතුල තබා ගියේ උන් වහන්සේගේ පෙර පිනකටය. අද වාගේ දවසක සමනල කන්දේ සිරිපතුල් තබන්න ආවා නම් වෙන්නේ, පතුල් තැබීම කෙසේ වෙතත් කකුල් දෙකම කඩාගෙන කාගේ හෝ කර මතින් ආයේ දඹදිව වඩින්නය. දැන් මෙහේ හරක් එටිසලාට් සිම් කඩා දමති. බුදු පිලිම පොලොවේ ගසති. සාරි සරොම් ලිහා කොල අතු ඇඳගනිති. එයාර්ටෙල් සිම් වලටද මේ සැන්තෑසියම උදාවන දිනය අත ලඟය. කාළකන්නි දොස්තරවරුන් ඉන්දියන් ඇම්බියුලන්ස් වල ගේන ලෙඩුන් ප්‍රතික්ෂේප කරති, බජාජ් වලින් ගෙනා ලෙඩුන් ඇක්සෙප්ට් කරති. වෛද්‍යවරුන්ගේ මොළ ඒ තරම් දියුණු තත්වයක පවති.

මැලේසියාවේ ජෙන්ටින්ග් හයිලන්ඩ් කියා සුරපුරයක් ඇත. පනපිටින් දිවිය ලෝකයට ගියා වගේය. සමනල කන්ද එවන් දෙයකට සුදු ස්ථානයක් නොවූවද, හෝටලයක් ඉඳිකලාට මහා විනාශයක් සිඳු වන්නේ නැත. යහපතක් නම් සිඳුවිය හැක. ඒ කන්ඩලම අවට වාගේය. කඳුකරයේ වෙනත් ස්ථානයක ජෙන්ටින්ග් හයිලන්ඩ්ස් වැනි දෙයක් ඉඳිකිරීමට හිතා ගන්නවානම් තවත් බොහෝ හොඳය.

ඇත්තටම මේ රටේ රැට කරන්න තියෙන්නේ මක්කාදැයි කියා, සුද්දෝ විමසනවාය. චූන් පාන් වලින් රෝස්පාන් කන සුද්දන් වෙනුවට, රනිල් කියනා ජාතියේ සුද්දන් ඕනෑ නම්, උන්ට ගලපෙන යටිතල පහසුකම්ද සපුරා සිටිය යුතුය. නැතිනම් වන්නේ, බැංකොක් හා මාලදිවයින් වෙත යන උන් දෙස බල බලා, හූල්ල හූල්ලා සිටීම පමණය.

ප්‍රස්තුත කාරණය පිළිබඳ හොඳම බ්ලොග් සටහන "අමිල චතුරංගගෙන්"

එක්ටා ෆෝබියාවෙන් පෙලෙනා රෝගීන් වෙනුවෙන් ලියවූනු අපූරු ළිපියක් <<මෙතනින් කියවන්න..>>

77 comments:

  1. රෑ දෙගොඩහරි ජාමේ ඇවිත් කියෙව්වේ එටිසලාට් පලහිලව්ව මොකක්ද බලන්න කෝ කියල නෑනේ.. මාත් පාවිච්චි කරන්නේ එටිසලාට් සිම් එකක් ඩේටා වලට.. සිම් එක කැඩුවම මක්කවත් වාසියක් වෙනවද බං?

    ReplyDelete
    Replies
    1. අර අහුලගත්තු සිම් පාවිච්චි කරනවා වගේම වාසියක් වෙන්නේ.කඩලම බලපන්කෝ

      Delete
    2. ඒක කැඩුවාම එටිසලාට් බංකොලොත් වෙනවා.. එහෙම වෙලා එයාලා ලංකාවේ බෞද්ධයන්ගෙන් හිඟා කන්න එනවා... මේ රටේ ඉන්න හිඟන්නෝ හිතන්නේ එහෙමනේ.. කොහොමද අරාබියේ ඉන්න උන් ටික ඔක්කොම මෙහෙට පැටෙව්වා නම්...

      Delete
  2. මම හිතන්නේ මෙහෙමයි. මම හිතන විදිහ කාටවත් ප්‍රයෝජනවත් නැහැ. මොකද රජය කියන්නේ පුරවැසියාට වඩා බලගතු ආයතනයක්නේ. එහෙමනේ රජය හැසිරෙන්නේ.

    අපේ පරිසර පද්ධතියට දැන් කෙලවලානේ තියෙන්නේ. ඒක අවම කරගන්න තමයි මේ තරුන කොල්ලෝ සෙට් එකක් හෙන සපෝර්ට් එකක් දෙන්නේ.

    ලෝකේ කොහේවත් වටිනාකම් තියෙන භූගෝලිය, ඓතිහාසික හෝ වෙනත් වැදගම්වූ තැනක, මහා වෙලඳ සෙන්ටර්ස් පවත්වා ගෙන යන්නේ නැහැ. ඔවුන් ඒවා උනන්දුවෙන් මතක් කරනවා. ඒ ස්තාන වලින් ඔවුන් ආර්ථික වාසි ලබනවා. ඒ සියල්ලම වෙන්නේ රටේ ඇතුලේ. එඩින්බරෝ කාසල් එක බිස්නස් එකක්. ඒත ඒක වෙන්නේ ඒ ඉතිහාසය වඩාත් සුරැක්ශීම වෙනුවෙන්.

    සමහර වෙලා වට සිරීපාදේට හෙලික්පොටර්ම විතරක් ඉතිරිවෙයිද දන්නේ නැහැ. හෙලිකොප්ටර් වන්දනාවට වඩා කොච්චර වටිනවාද කකුල් දෙකේ වන්දනාව. ඒ වටපිටාව, සුළඟ, සතුන්ගේ මිහිරි හඬ.
    සංචාරක ඇට්‍රාක්ශන් එක්කම අනිත් සියලුදේම රැක ගත යුතුයි. අංක එක පරිසරය.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී පාද වනය කියන්නේ අපිට තියෙන අධි රක්ශිත දෙකෙන් එකක්.ඒක රකින්න ඕනේ කියන දේ ගැන විවාදයක් නෑ.ඒත් ක්‍රමවත් ආකාරයට කේබල් කාර් පද්ධතියක් ස්ථාපනය කිරීම තුලින් ඒ පරිසරයට සිදුවන විනාශය අවමයි නේද?සිදුවන්නේ ඒ ප්‍රදේශයට ඇතිවන සංචාරක ආකර්ශනය වැඩිවීම නේද?

      Delete
    2. සංවාදයට හොඳ පාරක්.......

      Delete
    3. බැසිල් හිටියනම් කොමිෂන් එකක් ගහල හරි කේබල් කාර් සීන් එක කරයි. දැන් ඉන්න ගොබ්බ හැත්තට කොමිෂනුත් නෑ අයෝජකයොත් නෑ මොළෙත් ණෑ 😃

      Delete
    4. කොච්චර රැඩිකල් වෙන්න හැදුවත්, එංගලන්තේ නෙමෙයි ලාස් වේගාස්වල උන්නත්, ගල් අරක්කු වෙනුවට මෝල්ට් විස්කි ගැහුවත් සමහර තැන්වලදි ගොඩක් අය සාම්ප්‍රදායික වෙනවා මචෝ.... මොකෝ පෘතග්ජන මිනිස්සු නේ අපි..

      Delete
    5. tourism eke nathi wenna nehamai wada karanna onne ....wadi karanna. kauda eke karanne...? kauruth neha... beach suda karanne neha, tourist la ta yanna dewal hadanne neha.....thiyann dewal ....pennala ..eyalawa maragena kannna hadanwa, ENTRENCE FEE FOR TOURIST UNACCEPTABLE. HOTEL TRADE EKE aye panwa dala hina wela , tikak sudddo , shape karagannwa.
      PARISARAYA gana katha karanna MAHATH WARU karunakara , mata kiyanna oyala jeewithe ta / MA THALAN athulu aye / gas keeyak hitawala thiyannwada....gedra toilet cup eke wahanawada....plastic wen kara kunu dannwada .....kunu puchanne nethe kauda mee rateee...Oya dewal tikaka api karamu...ethakota ...anek ayath karai..karann neth nam pahadala dennna.....
      api kauda anne radical...........mee ratee...thamange wasiyata thami radical.
      chandrika kale wathura botal dunne kiyeean kee denna da , war ekta.....
      api ta ...wela thiyanne api kauda kiyala thama danna ganna bari kamai.....kiyawanna..kiyawanna ayee kiyawannna...but we can learn............only from other countrys.....apee ayeth ( educated ) dan EX lankan la nee

      Delete
  3. අම්මප ඉතින් මාතේ උඹෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.ඒත් රත්තරනේ මොනවා හරි ගැන ලියද්දි මීට වඩා යම් හැදෑරීමක් කරලා ලියහන්.නැත්නම් වෙන්නෙ අර ඇනෝ යක්කු උඹට ගහල තීන කාඩ් උඹ විසින්ම සනාථ කරන එක.

    ReplyDelete
    Replies
    1. රෙදි බැනියම් මානසිකත්වයේ ගල් වැදි බයියෙක්ගෙන් මීට වඩා කොමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන්නත් බෑ... බැසිල්ලා කරා නම් කටයි පුකයි දෙකම වහගෙන ප්‍රසස්ථි කියන අම්බරුවෝ නේ...

      Delete
  4. මාතේ සිරිපාදය කණ්ඩලම හෝටලයට සම කරන්න බැහැ . අනික මෙතන කරන්න යන්නෙ හෝටලයක් තැනීම නොව මුස්ලිම් ජනපදයක් බිහි කිරීම කියා රාවයක් තිබෙනවා. ඒක ඇත්තක් නම් කවුරු කලත් ඒක පාහර වැඩක්. ඒක බැසිල් කලත් මුස්තාපා කලත් එකයි. ඒක පාහර වැඩක්.අපිට පුද්ගලයෝ අදාළ නැහැ. පක්ෂ අදාළ නැහැ. මෙ ප්‍රශ්නයට කෙලින් උත්තර නොදී අනං මනං දොඩන්නේ මොකද?

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ජනපදයක් කියලා කියන්නේ ඔහේ වගේ අයනේ... කොහොමත් ලංකාවේ තියෙන මුස්ලිම් ව්‍යාප්තවාදයට මම විරුද්ධ බව ඔහේ දන්නවනේ.. බ්ලොග් බලින් ඒ ගැන ලිව්වෙත් මම විතරයි.. කොහොමත් දැන් කොළඹ කියන්නේ අරාබිය වගේම රටක්.. ඒවා කොන්ට්‍රෝල් කර ගන්න එක ආන්ඩුවක වැඩක්.. මම කතා කරන්නේ මෙතන හෝටලයක් හැදීම ගැන විතරයි..

      Delete
    2. rawayak kiyanne,,,,fact ekek nehami....dont waste u r time, Ma thalan....kiyanne gal Paleenna Boru. colomba arabi ratak wagelu. oya colomba gihila nedha...muslim aye ta ,oyata mata wage ma , rights thiyannawa, eyala andiann widiya,oyata prasnayak nam, balanna eppa. mee rate inne, 7% adu muslim ayee, eyala aurudu 100 wada mee rate econamy eketa loku sewayak karala thiyanawa, Brandix wani ayathana, nuwara preahara ta wadiya salli denna muslim ayee...NO limit. oyala thami mee rate nidahasa nethi karanna hadanne, 30years war eken wath egenna genna neha..sorry for u. meke dangrous wadak, radical aye ( muslim) hadanna , hadanna wena widiyata ....wada karanna epa. we have to accept all as sri lankans. GO to malaysia ....and see....

      Delete
    3. හිටියා හිටියා අපි පොඩි කාලෙත් තම්බිලා හිටියා. අපේ හොඳම යාලුවොත් හිටියා. දැනුත් ඉන්නවා.. හැබයි තලේබාන් හරක් උන්නේ නෑ. කොටින්ම කියනවා නම් බිල්ලෝ හිටියෙත් නෑ.. ගවුම් අඳින එළුවෝ හිටියෙත් නෑ..

      Delete
  5. සමහරු දාල තියෙන කොමෙන්ටු දැක්කම ඒවාට උත්තර දෙනවද කියලත් හිතුවා. ඒත් ඒවා දැක්කම නිකම් ඉන්නත් බැහැ. මොකද ඒ අය මේ පෙන්වන්නේ මාතලන් නිතර කියන ලිං මැඩි මානසිකත්වයමයි. කන්දලමයි ශ්‍රී පාදෙයි සමාන කරන්න බැරි කන්දලම හෝටලය හදන කාලේ සිදුවූ සිදුවීම් නොදන්නා අයයි. ඔය කන්දලම හෝටලය හදන්න මුලින්ම සැලසුම් කරලා තිබුනේ ඒ පැත්තේ පන්සලට අයත් ඉඩමක. නමුත් මේ හෝටලයේ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා හෙලිකොප්ටරයෙන් එම ඉඩම බලන්නට යන අතර ඔය වැව අයිනේ තාවුල්ල තිබෙන තැන දැකලා එතන ඔය හෝටලය හදන්නට තීරණය කළා කියලයි කියන්නේ. මේකෙන් මල පැන්න අපේ මහා සඟ ගණ මේ හෝටලයට විරුද්ධව මහා විරෝධයක් ගෙනගියා. මට හොඳට මතකයි. ඒ කාලේ අපි හිටියේ කොළඹ සරසවියේ. එකට ආපු ඔය ගණයෝ ටිකයි තව ගොවියෝ කියන පිරිසකුයි කීවේ මේ හෝටලය හැදීමෙන් වැව් තාවුල්ල විනාශවී, වැව හිදී ගොස් ඒ ප්‍රදේශයේ ගොවිතැන මුළුමනින්ම විනාශ වෙන බවකුයි. කැලෑව එළිකිරීම තුළින් සිදුවන පරිසර විනාශයත්, ඒ ප්‍රදේශයට එන සුද්දන් නිසා වන සංස්කෘතික විනාශයත් ඔවුන් තර්ක කළා. මට මතකයි ඒ කාලේ ඔය හෝටලේ හදන තැන පොලිස් මුර දාලා තිබුනේ. නමුත් අද කන්දලම හෝටලය ලෝකයේ තිබෙන eco-friendly හෝටල් වලින් එකක්. ඒ ප්‍රදේශයේ තරුණ තරුණියන් කී දෙනෙක් ඔය හෝටලේ වැඩ කරනවද? සිරී පාදේ ඔය වගේ වැඩක් කරන්න බැරි ඇයි?
    ලංකාවට එන සංචාරකයෝ නයිට් ලයිෆ් එකක් නෑ කියන එක පුදුමයක් නෙමෙයි. ලංකාවේ ඉපදී ලංකාවේ හැදුනු අපටත් ඇත්තටම ලංකාවට එන්නේ අපේ පවුලේ අය, යාළුවෝ හමුවෙන්නයි. එත් ඒ ඇවිත් සති දෙකකට වඩා ඉන්න හිතෙන්නේ නැහැ. ඔය හේතුව නිසා. නිවාඩුවකට වෙන රටකට ගියාම ලංකාවට එනවට වඩා විනෝද වන්නට පුළුවන්.
    ලංකාවට ඉක්මනින්ම ගොඩ එන්න තිබෙන පාරක් තමයි ඔය සංචාරක ව්‍යාපාරය. ලෝකයේ අනිත් රටවල් සංචාරකයන් ගෙන්වා ගන්න කරන දේවල් ඔය විදේශීය ටී වී චැනල් බලන අය දන්නවා. එත් සංචාරක ව්‍යාපාරය හොඳින්ම කරන්න පුලුවල්, ලස්සන රටක් වන ලංකාව ඒ ගැන කරන දේ නම් ඉතින් අනිත් දේවල් වලට කරන දේම තමයි.

    ReplyDelete
    Replies
    1. හෙක්.... මෙල්බෝන් වල ඉන්න අයියලට අවුරුදු දෙකතුනකට සැරයක් සති දෙක තුනක නිවාඩුවට ලංකාවට ගියාම ආතල් ගන්න... සිරීපාදෙ කපල හෝටල් හදමු....

      Delete
    2. කණ්ඩලමට විරෝධය පෑවේ ඉනාමළුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ. ඒකෙන් උන යහපත ගැන ඒ නායක හාමුදුරුවෝ ගොඩක් සැරයක් විස්තර කරලා තියෙනව. ඔබ ඒවා කියවල නැත්නම් ඒකෙන් පෙනෙන්නෙ ඔබේ නොදැනුවත්කම මිසක් වෙන මොකක්ද? ඔබට මෙ රටට එන්න ඕනෑ කමක් නැත්නම් මොන මගුලටද මේකෙ ලියන්න ආවේ. ඉන්න තැනක ඉන්න.

      Delete
    3. @ Bud in Oz

      අයියෝ මේ ගොන් බයි ගල් වැද්දෝ කියන ඒවා ගනන් ගන්න එපා... මේ රටේ විතරක් නෙමෙයි මේ රටෙන් පිටරටවල ගිහින් ඉන්න උන්ගෙත් අති බහුතරය ගල් වැද්දෝ, මේ මඩ පාරවල් බලාගෙනම තමයි මේ ළිපිය ලිව්වේ.. සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආදායමක් කර ගන්න යනවා නම්, සුපිරි පන්තියේ සංචාරකයන් ගෙන්වා ගැනීමට අදහස් කරනවා නම් උන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. සිරිපාදේ කියන්නේ සංචාරකයින්ට ආකර්ෂනීය ස්ථානයක්, ගොඩක් උන් යන්න කැමති ඕඅෆ් සීසන් එකේ. එකෝ ෆ්‍රෙන්ඩ්ලි හෝටලයක් සෑදිමෙන් වෙන්නේ පරිසරය ආරක්ෂා වීම. හොඳම උදාහරණය කන්ඩළම. මේ කිසිවක් නොදන්නා ගොබ්බයෝ තමයි මේවට විරුද්ධ වෙන්නේ.. අපේ උන් විරුද්ධ නොවෙන්නේ මක්කටද කියන එකයි මුලින්ම හොයන්න ඕන.. ඒ තරම් ගොබ්බයෝ ඉන්න රටක්..

      Delete
    4. @ සමරසේකර

      ඉනාමළුවේ සුමංගලට උන යහපත ගැන නම් ඔහේලා නොදන්නවා උනාට අපි නම් හොඳට දන්නවා...

      Delete
    5. ඇහුවට තරහවෙන්න එපා. මේ කොමෙන්ට් දාන කීදෙනෙක් ඔය eco-friendly හෝටලේකට ගිහින් තියෙනවද? කේබල් කාර් එකක ගිහින් තිබෙනවද? ලෝකයේ රක්ෂිත වනාන්තර, ප්‍රධාන අභය භූමියකට (Serengetti - Tanzania වගේ) ගිහින් තිබෙනවද?

      Delete
    6. පිටරට උන්නත් මෙහේ ආවම, කොහේ හරි ගියත් පන්සලක නැත්නම් විශ්‍රාම ශාලවක නවතින, වාහනේ පාර අයිනේ නවත්තලා හුජ්ජා කරන, කාපු තැන ඉටි කොලයි කෙහෙල් කොලයි ඔක්කෝම දාලා රීලා යන, බීපු තැන බෝතලේ කුඩු කරල යන කාළකන්නින්ට මොන eco-friendly Hotels ද මහත්තයෝ..

      Delete
    7. onna pennwa appe kamma
      BUD OZ TA EPPA UNATA WENA HETHU ATHI, NAMUTH EYA KIYA DEWAL GODAK HARI. API DANNE NEHA APITA MONADA ONNE KIYALA.....TOURIST LA DA....PANSAL DA ...........?
      SUMAGALA TA LABUNU DEWAL KAURTH DANN RAHSAK.
      KANDALAMA GANA KIYNAWA NAM ...ELA....LANAKWWE THIYANNA EKKEMMA HOTEL EKE,,,ONNA KEENKUTA BALANNA YANNA PULUWAN SAHA,,,ENNA AYATA...WELCOME DRINK EKEK FREE DENNA....
      KEESEE HO...TOURISM KIYANNE DIUNU KALA UTHU DEYAK, VIAGRA JOHN LA EWA KARANNA NEHA... RATEE PARISARAYATA ..HANI NOWEE.....HOTEL WATEEMA DAMMANAM HONDAI, APPE DUK WINDIANNA AYATA SETHAK SALASENNWA...
      MA THALAN ..OYA TA WELA THIYANNE....MANSIKATHWA YEE PROBLEM EKEK. OYA HADANNE SAHA BORU KIYANNE....LAJJE NETHI WIDIYATA..POLITIK WALA WAGE.....MADAYAWEEDIYAK NEHAMI WAGE....OYATA KEE DENEK DAKALA THIYANWADA EHEMMA RATA INDALA AWEILLA KUNU DANA......
      THE FACT............
      PITA RATA INNA AYATA EHHEMMA PURUDAK NEHA..PITA RATA EHHEMMA KARANNA BEHA........GEWAL UNATH....CLEAN EKETA ....HARIYATA THIYAGENA JEEWATH WENNA....EHEMMA PARRE DEWAL DANNE KAUDA PURUDU WELA INNE KIYALA OYA MA DANNWA NEE....JAMMETA WADIYA LOKUI PURUDAA............BORU KIYANNA EKATH EHHEMAI....HOPE I DIDNT HURT U..........LIN MADIYO DAN sl WAL ADUI...INTERENT EKE OKKOMMA THIYANNWA.... ETH APPE AYE ...OKKOMMA KARANNE fb EKENNE.....TOILET GIYA KIYALATH LIYANAWALU/ API WAGE .........

      Delete
  6. ETCA (Sri Lanka) = NAFTA / TPP (USA)

    හීනමානයෙන් පෙළෙන "ටොයියන්" යැයි කියාගන්නා උන්ට (සැබෑ ලිංමැඩි වහළුන්) මේ දේ තේරුම් ගැනීමට නොහැකි වුනාට අපි මොනවා කරන්නද? මෝඩකමට වගේම හීනමානයටත් බෙහෙත් නැත.

    ReplyDelete
    Replies
    1. හීනමානය හා මෝඩකම තියෙන්නේ බයියන්ට මිස ටෝයියන්ට නොවේ.. එහෙත් බයි මානසිකත්වයේ ටෝයියන් මෙන්ම, ටෝයි මානසිකත්වයේ බයියන්ද නැතුවාම නොවේ.

      Delete
    2. Bud in oc මම ගිහින් තියෙනවා. ඉන්දියාවේ තියෙන අඩු පහසුකම් කේබල් කාර් වල මෙන්ම ජපානයේ තියෙන ඉහල පහසුකම් සහිත කේබල් කාර් වල . එමෙන්ම මම සිරිපාදේ කීප ගමනක්ම ගිහින් තියෙනවා.මුල් ගමන් සැණකෙළි ගමන් වගේ තමයි. පස්සේ ආරම්භක පුජාව පවත්වන ගමන් දෙකකට ගිහින් තියෙනවා. මෙවරත් යන්නයි හිතන් ඉන්නේ.

      Delete
  7. මාතේ,ඉනාමළුවේ සුමංගල හාමුදුරුවෝ ගනොබ පමණක් දන්න දේ නොකියන්නේ මොකද? මම උන්වහන්සේ දැක ඇත්තේ එක වරයි ඒත් දුරින්. මට නම් උන්වහන්සේ පහත කරුණු නිසා වීරයෙක්. 1. කාන්තාවන්ට මහණවීමට භික්ෂුණි සාසනය ආරම්භ කිරීම සහ එහි උපසම්පදාව අඛණ්ඩවම සිදු කිරීම. 2. කුල භේදයකින් තොරව සියම් නිකායේ මහන කිරීම් ඇති කිරීම.අනවසර මුසලිම් පල්ලිය දඹුල්ල පුද බිමෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම.

    ReplyDelete
    Replies
    1. කවුරුවත් පරිපූර්ණ මිනිස්සු නෙමෙයි... හොඳ වගේම නරකත් තියෙනවා... ආයේ දඹුල්ල පැත්තේ ගියාම ඒ පැත්තේ කෙනෙකුගෙන් අහන්න..

      Delete
    2. අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කලා වගේම රටේ හැම තැනම කලර් ලයිට් එකක් හන්දියක් ගානේ පන්සල් අටවන නගරංකාර ගණින්නාන්සෙලා ගැන මොනවද දන්නෑ උන්දැ කියන්නෙ.

      Delete
  8. මේ ආණ්ඩුව කරගත්ත ලොකුම මෝඩකම චීනේ තරහකර ගත්ත එක. පෝට් සිටි, හයි වේ ටිකෙන් ආර්ථිකේට ලොකු ගැම්මක් ආවා. පාරවල් ටික හදන එකෙන් උනත් එහෙමයි. මේවා නතර කරපු එකෙන් කම්කරුවො කී දෙනෙක් පාරට වැටුනද. උප කොන්ත්‍රාත්කාරයෝ කී දෙනෙක් අමාරුවේ වැටුනද. ලීසිං සමාගම් කීයකට වැදුනද. හිතුවෙ ඇමරිකාව, යුරෝපය උදව් කරයි කියලා. උන් දෙන බිබික්කමක් නෑ. ආයේ චීනේ පස්සෙන් යනවා. දැන් ඉතින් චීනේ පදේට නටන්න වෙලා. නම වෙනස් කරලා පටන් ගත්ත ව්‍යාපෘති ආයෙ කරනවා.

    ReplyDelete
    Replies
    1. චීනේ එන එක තියෙන්නේ රාජපක්ෂලා අතේ.. ඒක බොහෝම පැහැදිලියි ඝෝඨාභයගේ චීන සංචාරයෙන්... මෙහෙම හාල්පාරුවන්ට වඩා චීනය කැමති, ඝෝඨා වගේ මහින්ද වගේ බය නැති නායකයින්ට... ඒ නිසා චීන ඉන්වෙස්ට්මන්ට් ෂුවර් නෑ... ඒකයි එක්ටාවලට යන්නේ...

      Delete
  9. මම නම් හම්බයන්ට හොදටම දන්නන්න හිතුව. සිම් එක කඩනව වගෙ දෙකයි පනහෙ වැඩ නෙමෙයි. අරාබි සුල්තාන්ල පාරට බස්සන වැඩක්.මම තෙල් භාවිතය නැවැත්තුව ගමන් යන්නෙ ටැංටු කරත්තෙ.දිනපතාම කිලෝමීටර් සීයක් හමාරක් ගියාම හරකුන්ට තෙහෙට්ටුව වගෙ.නමුත් ඒක ඇරිල යයි .කෝච්චියට වගෙ සිග්නල් ප්‍රශ්න මොකුත් නෑ බස්වල වගෙ කොට කොට යන්නෙත් නෑ. කරත්තෙට නැගුනම හරක් ටික ගෙදරටම ගෙනිහින් බස්සනව..මම වගේම දේශප්‍රේමියො මේ විකල්පෙට ගිය නිසා ඉස්සර පාරවල් වල තිබුන හෝන් සද්දෙ වෙනුවට දැන් උම්බෑ සද්දෙ .කාර්යාල පරිශ්‍රවලත් හැමතැනම ගොම. ලගදිම සුල්තාන්ල කාලිෆ්ල පොල් කඩන්න නැද්ද කියාගෙන ගේට්ටුව ලග ඉදියි.

    ReplyDelete
    Replies
    1. මම නම් බුදු පිලිමෙත් පොලොවේ ගහුවා ඉන්දියන් කාරයන්ට හමනියන් කියලා හිටන්...

      Delete

  10. - Chameera Jeewantha Dedduwage -

    #SaveSriPadaya සහ #PrayForSriPadaya කියා කැම්පේන් දෙකක් ඉස්මතු වෙමින් පවතියි..... බැලු බැල්මටම පළමුවැන්න තෙල් බේරෙන ජාතිවාදී කැම්පේන් එකකි.... දෙවැන්න අමුවෙන්ම පැරඩියකි..... කෙසේ වෙතත් ශ්‍රී පාදය "බේරාගත යුතුව පවතින බව" නම් සත්‍යයකි.... ඒ, සිම් කැඩීමෙන් හෝ ගූගල් මැප්ස් රීනේම් කිරීමෙන් නම් නොව, මෙන්න මේ කියන කරුණු කාරණාවලිනි....

    1. සෑම වසරකම ශ්‍රී පාද වන්දනා සමය තුළ එම පරිසරයට බැහැර කරනු ලබන ප්ලාස්ටික් සහ පොලිතින් ප්‍රමාණය ටොන් 160කට අධික ය....

    2. ශ්‍රී පාද වන්දනා සමයක් අවසානයේ සාමාන්‍ය වශයෙන් එක ස්වේච්ඡා පිරිසුදු කිරීමේ මෙහෙයුමකදී මත්පැන් බෝතල් දහසකට අධික ප්‍රමාණයක් එක මාර්ගයකින් හමු වේ....

    3. සෑම වන්දනා සමයකම පොකට් ගැසීම් සහ සොරකම් පිළිබඳ පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ලැබේ...

    4. සෑම වසරකම ශ්‍රී පාද රක්ෂිතය තුළ අනවසර දඩයම් සහ කඳවුරු ගැසීම් අවම වශයෙන් පහක්වත් වාර්තා වේ.... මේ සියල්ලම පාහේ දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ ඤාති මිත්‍ර පුත්‍රාදීන් ය....

    5. සෑම වසරකම ශ්‍රීපාද රක්ෂිතයෙන් අක්කර කාලකට ආසන්න ප්‍රමාණයක් ජෛව විවිධත්වමය වශයෙන් යළි පිළිසකර කළ නොහැකි ලෙස හානියට පත් වේ....

    ඇත්ත වශයෙන්ම ශ්‍රී පාදස්ථානය "බේරාගත" යුතුව ඇත.... ඒ, සිම් කැඩීම වැනි ගොං ආතල් දීම මගින් හෝ, ගෙදර ඉඳන් කොම්පියුටරෙන් රට ජාතිය රකින්නන්ටම ගැළපෙන "නම මාරු කිරීමේ මෙහෙයුම්" මගින් හෝ නොව, ශ්‍රී පාද කලාපය වනසන මෙවැනි වසක්කුඩි හැසිරීම් නැවැත්වීම මගිනි....

    #SaveSriPadaya මෙහෙයුම අන්න එහෙම ජෙනුයින් අරමුණකින් ක්‍රියාත්මක වන දාට මම මගේ පූර්ණ සහය ඊට ලබාදෙමි....

    ReplyDelete
  11. මාමේ බාල සමාගමෝ!
    http://www.dailymirror.lk/article/CB-has-given-Rs-bn-to-Perpetual-Treasuries-Minister-118240.html

    ReplyDelete
    Replies
    1. //අදාල නොවේ.... //

      Thats the strategy පුතා!

      Delete
  12. "මෙය බුදුන් වැඩි රටයි".

    හොඳටම වැඩියි වගේ දැන්නම්.

    ReplyDelete
    Replies
    1. මම බය වෙලා ඉන්නේ දැන් එක්ටා ආවම මුන් පන්සල් ඔක්කෝම කුඩු කරන එකට... ගෞතම බුද්ධ ඉන්දියාවෙ සිටිසන් කෙනෙක් නේ...

      Delete
    2. එතකොට "මේ බුදුන් උපන් දේශයයි" තියන බස් එකේ යනවා

      Delete
    3. http://sripada.org/haqqani.htm

      ආගම්වලට ඕනෑ දෙයක් විස්වාසයට හරවා ගත හැක.

      Delete
  13. මාතලන් මේ එක එකා එක්ක පැටලෙන්නෙ නැතුව උඹට ඕන මගුලක් ලියපන්. හුඟක් එවුන් කරන්නේ උඹව කේන්තිගස්සල ආතල් ගන්න එක. ඕවට උත්තර දෙන්න යන්න එපා. ඔය කමෙන්ට්කාරයන්ටම දවසක හති වැටෙනවනෙ.

    මේක මචං කුංකුනාවේ හාමුදුරුවො ගැන කතාවක්. ඒ කාලේ කුංකුනාවේ හාමුදුරුවො ගෝල කීප නමක් එක්ක සිරීපාදෙ නැග්ගලු බොහොම අමාරුවෙන්. මළුවේදී හති අරින ගමන් කුංකුනාවේ හාමුදුරුවො මෙහෙම කිව්වලු.

    "අම්මප බුදු වෙලත් මෝඩකම් අතඇරියේ නැති හැටි ?"

    ReplyDelete
    Replies
    1. එක තනක් පෙන්නහන් මම මුලින්ම පැටලුන තැනක්... මොකා උනත් මට කමක් නෑ මට ගැහුවොත් මම ගහනවා... විශේෂයෙන් බ්ලොග් ලියන පොන්නයන්ට..

      Delete
  14. මා ගාවත් තියෙන්නෙ එටිසලාට් සිම් එකක්නෙ. දැං ඕක කැඩුවෙ නැත්තං මාව ලෝකයා ඉදිරියේ කොං වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒක කඩලා මදි... බුදු පිලිමෙත් පොලොවේ ගහලා, සරමත් කඩලා දාලා හෙළු කුට්ටෙන්ම ඉඳහන්...

      Delete
  15. එකඟයි මාතෙ. පිළිතුරක් දැම්මා පෝස්ට් එකකින් .

    ReplyDelete
    Replies
    1. කියෙව්වේ... කියවලා මගේ අදහසත් ලිව්වා.. ගනන් ගන්න එපා.. මාතේ ඉතින් අම්මට තාත්තට උනත් කියන්න ඕන දේ කියනවා කෙලින්ම..

      Delete
  16. දැන් ශ්‍රී පාද පයින් යන එක නවත්තල කේබල් කාර් වලින් විතරක් යන්න ක්‍රමයක් හදන්න ඕනෙ. එතකොට ඒ පරිසරයට කරන හානිය අවම කරගන්න පුළුවන්,
    මද්‍යම කදුකරයේ වනාන්තර කියන්නෙ අගලක්වත් විනාශ කලයුතු දෙයක් නෙමේ නමුත් ඉතිහාසයේ පටන්ම සිද්ද උනේ ඒකයි. දැනුත් ශ්‍රී පාද රක්ෂිත මායිමත් ආක්‍රමණය කර ඇති තේ වත්තක කන්ඩලම වගේ හෝටලයක් එතිසලාට් , ඩයලොග් නෙමේ අමානා බැංකුවෙන් හැදුවත් කමක් නෑ ,

    ReplyDelete
    Replies
    1. එහෙම තැනක තමයි හදන්නේ... ශ්‍රීපාදේ හාමුදුරුවොත් කියලා තියෙනවා අවුලක් නෑ කියලා...

      Delete
  17. කස්ටිය අනුගමනය කරන්නෙ ගෙරිහම් එලීමේ තියරිය නිසා මිනිස්සු කණාමැදිරි එලියටත් බයයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ උන් යාපනේ කරන්න යන්නෙත් ඒක නේ...

      Delete
  18. අවුරුදු දහයකින් පාලහකින් සිරීපාදෙ නගින්න බැරිවුණා බං. කොල්ලො කාලෙ නං හැම අවුරුද්දකම ගියානෙ. ආයෙම යන්න අදහසක් තියෙනවා ආවහම, මොකද කියන්නෙ යමුද?

    ReplyDelete
    Replies
    1. ඕකේ එක පාරක් නොගිය එකත් මෝඩයය. එක පාරකට වඩා යන එකත් මෝඩයාය කියනවනේ හිටන්..

      Delete
  19. දැනටමත් කැලේ එළිකරපු තැනකනම් සහ රක්ෂිත සීමාවේ නෙමේනම් හෝටලයක් හදන එක ලොකු ඉශු එකක් නෙමෙයි...
    හැබැයි අල්ලාහු ගාල මරළතෝනි දෙන ගුබ්බෑයමක් දාගන්නේ නැති වෙන්න වැඩේ කෙරෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අල්ලාහු ගහන්නේ විනාඩි පහයි වැඩේ ඉවරයි... මේ ටිකේ පන්සලේ කටිනේ තුන් තිස් පැයේ කනක් ඇහිලා ඉන්න නෑ... පිකරේ මොලේට හයි කරා වගේ, දඹදිවටම ඇහෙන්න දාලා..

      Delete
    2. කොල්ලුපිටියේ තියෙන අටමගල පැය බාගයක් විතර ගානේ දවසට පස් පාරක් විතර ගහනවා...
      අනික මචං ටෙරිටරි කියල දෙයකුත් තියෙනවනේ, ඒකත් එක හේතුවක් මම ඔය පල්ලි වැඩේට විරුද්ධ වෙන්න...

      Delete
    3. විජේ උනුත් කුවේණිගේ රට තනිකර ටෙරිටරියක් කර ගත්තේ... ඒවා අනාගතේ තීරණය වෙයි... දේශපාලුවන්ගේ තීරණ මත... ඇත්ත කතාව නම් 7% වන තම්බියොත්, 15% වන දෙමළුත් බහුතරය වන හින්ගලයෝ පොන්නයන් ගානට දාලා තියෙනවා කියන එක.. ඒක උන්ගේ වැරද්දක් නෙමෙයි හින්ගල පොන්න නායකයන්ගේ වැරද්දක්..

      Delete
  20. රක්ෂිතයක කැලෑව එළි කරලා හදනවා නම් රක්ෂිතය හා කැලෑව රක ගන්න විධිහේ හෝටලයක් හදන එකයි හොඳ, නැත්නම් රක්ෂිතය කපලා හදනවට මම නම් විරුද්ධයි. හැබැයි ඔය පැත්තේ නවතින්න හරි හමන් හෝටලයක් නැහැ. අපි ගිය වෙලේ වතුකරයේ දෙමළ කෙනෙකුගේ හෝටලයක නතර වුණා. ප්‍රශ්න කිහිපයක් ඇතිවුණා (සිංහල දෙමල ප්‍රශ්න නිසා - වාහනයේ රියදුරු මල්ලි දෙමල හෝටලේ නතරවෙන්න කැමති වුණා වගේ දේ. ) අනික ඒ හෝටලයට එක තරුවක් වත් දෙන්න බැහැ. ඒනිසා ඒ හරියේ හොන්ඩ අහෝටල් කිහිපයක් හැදෙනවා නම් හොඳයි. මිනිසුන්ටත් රැකියා ලබයි.
    කේබල් කාර් දාන එකත් හොඳ අදහසක්.

    ReplyDelete
    Replies
    1. රක්ෂිතයේ නෙමෙයි හදන්නේ... ඒක දැනටමත් පෞද්ගලික වත්තක්..

      Delete
  21. මුස්ලිම් පල්ලියක් හදනවා නම් ඒකට අනිවාර්යයෙන්ම විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. මම නම් පල්ලි නෙමෙයි පන්සල් හදනවටත් විරුද්ධයි... හරි නම් වැට් බද්ද ඕවයෙනුත් ගන්න ඕන.. පිනා කන කාලකන්නි...

      Delete
    2. ස ර ස තුමා හිතන් ඉන්නෙ ඔතන මුස්ලිම් පන්සලක් හදන්න හිටන්!

      Delete
    3. ඔය උතුරේ සහ නැගෙනහිර ඓතිහාසික ස්ථාන හැරුනම හැම හන්දියකම පන්සල් හදන එකටත් ඒකම තමයි කියන්න ඕනේ.

      Delete
  22. Maathalan lokkaa

    "Change is hard"
    "Change is difficult & different"

    At first people really want to "reject" the change.

    Most of the Srilankan people never visited anywhere outside of the island.
    If they see anything on TV about developments in the world....they stil do not accept it.

    Let everyone to steal and build up their fat bank accounts. ..

    ===Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. Adrian..

      You are brilliant person.
      Great truth speaker

      Delete
    2. /////Most of the Srilankan people never visited anywhere outside of the island.
      If they see anything on TV about developments in the world....they stil do not accept it.///////

      හලෝ උඹ මහත්තයා විතරක් නෙමේ රටින් පිට ගිහිල්ලා ජීවත් වෙන්නේ. තව බොහෝමයක් ඉන්නවා රටින් පිටවෙලා රස්සාවල් කරනවා විතරක් නෙමේ, ඒ රටවල පුරවැසියොත් වෙලා ඉන්නවා. මම මේ වගේ වචන පාවිච්චි කරන්න අකැමතියි. ඒත් උඹ මහත්තයා නම් පොඩි කක්කා බෙට්ටක්. ඕක ලොකු කරගන්න එපා. ඕක ලෙඩක්. කීප වතාවක් උඹ තුමා ඔවැනි ටෝක්ස් දීලා තිබුනා. මහතුන්, මේ වර්තමානයේ රටින් පිට වෙන්න ඕන නැහැ ලෝකය ගැන දැණගන්න. ඉන්නේ පිටරටක වුනාට අපේ රටේ එවුන්ව අවතක්සේරු කරන්න එපා. ඕක ක්ශනික මෝචනය. තරහද මන්දා. මාත් කේන්තියෙන් ලිව්වේ.

      Delete
    3. අනිත් එක...මේ සියලු ශරීර සැප අත හැරලාදලා තමන්ගේ රටවල්වලට ආපහු ගිහිල්ලා යමක් කමක් කරන නිහතමානී මිනිස්සු ඉන්නවා ඕන තරම්. ඒහෙම එන්න කැමති මිනිස්සුත් තව ඉන්නවා. පාලකයෝ ගොබ්බ වුනාට, හිතන, දකින , නිවහල් ශ්‍රීලාංකිකයෝ ඕන තරම් ඉන්නවා. හැම රටකම ගොබ්බයෝත් ඉන්නවා...එහෙම නොවෙන එවුනුත් ඕන තරම් ඉන්නව.

      Delete
    4. //හැම රටකම ගොබ්බයෝත් ඉන්නවා//
      හොඳම උදාහරණය මැද්දට පැනල ජනේලෙන් පුක දෙන උඹ

      Delete
    5. මෙහෙමයි ඒඩ්‍රියන්, රටින් පිට ගියා කියලා වැඩක් නෑ සම හරක් උන්. උන් තමයි මේවට ගොඩාක් විරුද්ධ වෙන්නේ. පුකෙන් හිනා යන කාරනය කියන්නේ මැද පෙරදිග වැඩ කරන සම හරක් කියනවා මැද පෙරදිග රැකියාවට ගෑණූ අය එවන්න එපාලූ. උන් දන්නේ නෑ උනුත් ඇක්සෙකටිව් වහල්ලු කියලා. රටින් පිට ගියා කියල බයි ගති යන්නෙත් නෑ. රට නොගියා කියලා බයියෝ වෙන්නෙත් නෑ.

      Delete
  23. කඩන්න කලින් එටිසලාට් සිම් එකක් සල්ලි දීලා ගන්න වෙනවා.... ඇයි හත්තිලව්වේ මගේ ළග එටිසලාට් එකක් නැහැනේ........

    මචං දැන් ඔය හදන හෝටලේට එළු පොහොරවත් සප්ලයි කරන ටෙන්ඩර් එක බ්ලොග්කාරයෝ වන අපි විසින් ගමුද ???? මොකද කියන්නේ.....????? ආය අපි කොච්චර ලිව්වත් කිව්වත් ඕවා නවතිනවායෑ...... එහෙව් එකේ එහෙම දෙයක් ගැනවත් ටිකක් හිතලා බලමුද????????

    ReplyDelete
    Replies
    1. නවතින්න කව්ද බං මේ පෝස්ට් එක ලිව්වේ... මට ඕන ඔතන හෝටලය හදන්නයි..

      Delete
    2. ආගමක් දහමක් අදහන දැනීමක් තියෙන එකෙක් ලියපු එකක් නන් උත්තරයක් දෙන්න තිබුන...ගොනෙක් තැප්පුලුවට ගනන් ගන්නෙ මොකද..බලමුකෝ ඕකුන් හෝටලේ හදයිද, රටත් දාල මකබෑවෙයිද කියල ලගදිම..ආආ එදාටත් ලියල දා පෝස්ට් එකක්,මාතලේ ලොක්ක...විලි ලැජ්ජයි යකෝ...ලංකාවෙ ඉපදිලා..රක්සිතේට මොකුත් වෙලා නෑ කියල තිබ්බ නේද...හොදට බල ගූගල් අ'ත් එකෙන්,හරි මොකෙන් හරි..කාවෝ කාල වගේ නැද්ද කියල...හාල් පාරුවා වගේ ගොන් පොස්ට් නොදා...කුජීතයි හලෝ...බැසිලයෙ කාලෙමයි රක්සිතේට නන් වැඩේ දෙන්න ගත්තෙ...අක්කර 90 විතර දැනට ඒකෙ ඉවරයි...පස්සෙයි ඒක එහෙකුට ඒ කාලෙම ලියල දීල තියෙන්නෙ..මේව මේ අපිට කරන්ඩ පුලුහන් වැඩ නෙවේ..බැසිලගෙ වැඩ...ඒකයි දැන් ඔය පවුද්ගලික කියන්නෙ...ගේක වුනත් අත්තිවාරම අප්සට් වෙද්දි ..ගේ ඉවරයිනේ...සිරි පාදෙට ඒ දේ වෙන්ඩ කලිනුයි කියන්නෙ...බෞද්ධයොත් ඉන්නවනෙ තව...

      Delete
    3. මරේ වත්ත කියන්නේ තේ වත්තක් උපාසක... රක්ෂිතයක් නෙමෙයි...

      Delete
  24. මේ වගේ සෝඩා බෝතල් කැඩිලා පෙණ ටික විසිරිල ගිහින් සාමාන්‍ය වෙන එක නැවතුන දාට ලංකාව දියුණු වීමක් ගැන කතා කරන්න පුලුවන් වේවි., එතකන් තව සෑහෙන කල් සෝඩා බෝතල් කැඩි යාමට නියමතයි හි හී :) :) බලමු ඊලඟට පෙණ විසිරිලා ගිහින් ගෑස් බැහලා යන්න මොකද්ද වෙන්න කියලා :) :)

    ReplyDelete
    Replies
    1. මේ තරම් කේප්ප හරක් ඉන්න රටක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න