.

.

Sep 19, 2013

පොටෝ ඇල්ලිල්ල - Photography


බුක් ෂෝ එක ගැන ලියපු කවි ටිකක් ආයෙත් දැම්මම, වෙනියට මල පැනලා, අපි දෙන්නා මරාගෙන, ඒ ගැන මාරයයි, කතයි දෙන්නත් පෝස්ට් දැම්මනේ. කවුරුත් හිතා ගත්තේ, අපි මරාගනියි කියලා. අපේ ඒවා නෑ. කියන්න ඕන දේ කිව්වා එතනින් ඉවරයි. යාළුකම එහෙමම තියෙනවා. (කොහොම හරි බොහොම කලෙකින්, එක පෝස්ට් එකක් නිසා, පෝස්ට් කීපයක් ලිය උන එක ගැන නම්, මට තියෙන්නේ පුදුම සතුටක්)

වෙනියා, මම හම්බවෙලා කතා බහ කරලා තියෙන බ්ලොග් කාරයෝ කීප දෙනාගෙන් එක්කෙනෙක්. ඒ වගේම හිත හොඳ බුවෙක්. ඌට මල පැනලා තිබුනේ පොත් වල පින්තූර දාන එකට, මම ගතු කිව්වයි කියලනේ. ඒ කියන්නේ පොටෝ ඇල්ලිල්ල ගැන.

බොග දාන උන් අතරෙත්, මේ කැමරමන්ලා වගේම කැමරවුමන්ස්ලත් හෝ ගාලා ඉන්නවා. ඔය වෙනියා, අපේ සොසී, පොඩි රාජ්, මාරයා, සිරා, අලුතෙන් ආපු ඔමායා, බින්දි, හැලපයා, කතා වගේම හෙන්‍රියත් ඒ අතරින් කීප දෙනක්. ඒ ඇරෙන්න අයිලාෂ් කියලා කැමරා ඉස්පෙසලිස්ට් කෙනෙකුත් ඉන්නවා. ඌ කැමරා ගැන, බොග දාන හාදයෙක්.

සොසීගේ පොටෝ එකක්
ඔය මොකාගේ පොටෝ තුබුනත්, මටනම් පොඩි ආටිස්ටික් ගතියක් තියෙන පොටෝ දාන්නේ සොසී විතරයි. එහෙම කිව්වා කියලා, අනික් උන් මා එක මල පන්නගන්න ඕන නෑ. මම කිව්වේ, මගේ ටේස්ට් එක. ඒ ඇරෙන්න ඉන්ඩිගේ කොත්තු සින්ඩියෙත් ක්ලැසික් පින්තූරු දානවා.

මට නම් ඔය පොටො ඇල්ලිල්ල, පොඩි කාලේ ඉඳන් දිරවන්නේ නෑ.ඒ උනාට ක්ලැසික් පොටෝග්‍රැෆි වලට නම් පට්ට පිස්සුවක් තියෙන්නේ. ඔහේලට කියන්න ආයිබෝවන්ඩ, ඔය එක එක රටවල ගියාට, ඒ රටවල ගත්ත පොටෝ එකක්වත් නෑ. තියෙන්නේ පාටියක බොන එකක් තමයි. ඒත් ඉතින්, යාලුවෝ අරගෙන උන්ට තියාගෙන වැඩක් නැති නිසා දීපුවා. මොකෝ ඒවා තියාගෙන, අපායේ කැලැන්ඩරේට දාන්නෙයි ආයිබෝවන්ඩ. ඉතින් ඒවා බැලුවා කියලා, ඉන්නේ මොන රටේද කියන්න බෑනේ.

මේ සොසී නෙමෙයි සූසී
අපේ උන් පොටෝ අල්ලන කොට කියන එකක් තමයි, "අනේ... ඔය පාර්ලිමේන්තුව වැටෙන්න අල්ලන්න..., රුවන්වැලිසෑය වැටෙන්න අල්ලන්න...., සීගීරිය වැටෙන්න අල්ලන්න.... කියන එක. ඉතින්, උන් ගන්න පොටෝ, ඩිවෙලොප් කොරයින් පස්සෙ, ඒ පොටෝවල ඕවා කඩාගෙන වැටිලා තියෙනවද කියන්න නම් දන්නෙ නෑ.

මට තාමත් පට්ට ලැජ්ජ වැඩක් තමයි, පොටෝ වලට ඉන්න එක. ඔය මගුල් ගෙවල්වල ගියාම, මගුල් ජෝඩුවත් එක්ක ඉන්නම එපාය. ඕන් ඉතින් එහෙම ගත්තු පොටෝ වල ඉන්නවා, සයිකල් හැඩල් එකක් ගිලපු එකා වගේ. මගුල් ගෙවල්වල පොටෝ ඇල්ලිල්ල ගැන කීප තැනක කියාපු නිසා මෙතන ආයෙත් කියන්න යන්නේ නෑ. අපරාදේ කියන්නේ ඒ ෆීල්ඩ් එකෙයි, පැසන් ඉන්ඩස්ට්‍රි එකෙයි නම්, ළෝකේ ඕන එකෙක්ට චැලෙන්ජ් කරන්න පුළුවන් උන් නම් ගොඩක් ඉන්නවා මෙහෙත්.

ඉස්සර නම් මගුල් ගෙදර ප්‍රධාන චරිතේ මනමාලි. අද ඒ තැන තියෙන්නේ කැමරමන්ට. ඌ, මගුල් පොටෝ ඇල්ලිල්ලට අමතරව ආපු උන්ගෙත් පොටෝ අල්ලගෙන ගානක් කපාගන්නවා. අපේ උන්ටත්, පොටෝ අල්ලන එකා පොරසිද්ද එකෙක් නම්, උගෙන් පොටෝ එකක් ගහ ගන්නකන් ඉස්පාසුවක් නෑ.

බාප්පගේ කැමරා එක
ඉස්සර තිබුන කැමරා, රීල් එකක් දාලා. පොටෝ එකෙන් පොටෝ එකට, කරකව කරකව ගන්න ඕන. ඔය කරකන සද්දෙත් මම මාර ආස සද්දයක්. කරකැව්වේ නැත්තන්, කලින් ගත්ත පොටෝ එකත් ඉවරයි, දැන් ගත්ත එකත් ඉවරයි. මගුල් ගෙවල්වලත් ඉතින් බොහෝම පරෙස්සමෙන් තමයි පොටෝ අල්ලන්නේ. ඉස්සර, ඔය අද වගේ හැම එකා ගාවම කැමරා නෑ. අද නම් පෝන් එකෙනුත් පොටෝ අල්ලන්න පුළුවන් නේ. ඒ කාලේ කැමරා එකක් තිබුන එකා පොරක්. ඒ මදිවට කලර් පොටෝ ගන්න එකෙක් නම්, ඌ හෙන පොරක්.

ඔහොම කැමරා එකක් තිබුන එකෙක් තමයි, අපේ සැල්ටොන් බාප්පා. පදිංචිය, ලන්ඩන් හංදියේ ඉඳලා පේන දුරින්. එයා කියන්නේ නම්, ඇලිසබෙත්ගෙ ගෙට, පොඩ්ඩක් එහායින් කියලා. පොර බැඳලා උන්නේ සුද්දියෙක්. එයාගේ නම මේරී. බබාලා දෙන්නයි, දෙන්නම කොල්ලෝ, උන්ට නම් මට වගේම විස පොවලා. උන්ට සිංහල බෑ. මට ඉන්ගිරිස් බෑ. උන් සුරුස් බුරුස් ගාන කොට, මම ගොළු භාෂාවත් එක්ක, දිස්, දැට්, කැට්, රැට් කෑලි දාලා, කොහොම හරි කොමිනිකේසොන් එක කරගන්නවා. අපේ සීයා (නයි ඇනෝගේ ෆේවරිට් පොර) කියන්නේ, අපේ වේස කොල්ලා මදිවට, ලන්ඩන් වලිනුත් මදි පාඩුවට ඇවිල්ලා කියලා.

පොර, පවුලේ එකෙක්ගේ මගුලක් කිව්වාම, අනිවාර්යයෙන් එනවා. ඒ එන්නේ "මගුල් ගේ" අද වගේ හෝල් එකේ තිබ්බ නිසා නෙමෙයි. මගුල හරි ඇට්ටෝන් එක හරි තිබුනේ මනමාලිගෙයි මනමාලයගෙයි ගෙවල් වල නිසා. කොළඹ උන්න කීප දෙනෙක් ඔය ආකාස කඩෙයි, GOH එකෙයි ගත්තට ගොඩක් මගුල් ගෙවල් තිබුනේ ගමේ. ඒ කියන්නේ ගාල්ලේ.

සැල්ටෝන් බාප්පා ලන්ඩන් වලට වඩා ආතල් එකක් ගන්නේ, මේ මගුල් ගෙවල් වල. අපරාදේ කියන්නේ අපේ පවුලේ අනිත් සාමාජිකයන් වගේම, ෆැමිලි බාර් ඇසෝසේසොන් එකේ, විශේෂ ඉස්තානයක් පොරට තිබුනා. අනික ඉතින් ලන්ඩන් බුවෙක් නිසා පොර තමයි මෑන් ඔෆ් ද මැච්. පොර ගාව වගේම, සුද්දි ගාවත් කැමරා තිබුනා. අපිට අල්ලනවත් දෙන්නේ නෑ. ඕවයෙන් ගන්න පොටෝ අපිට හම්බ වෙන්නේ මාස දෙක තුනක් ගිහිල්ලා. මම දන්න තරමින්. ඒ කාලේ අම්මට සිරි ලංකාවේ, කලර් ලැබ් තිබ්බේ නෑ.

නයා දිග වැඩි උනා. ඒ නිසා. ඉස්ටූඩියේ පොටෝ ආලපු හැටියි.අපේ ෆේමස් පොටෝ කාරයොයි, නෝනගේ පොටෝ ඇල්ලිල්ලයි, දිය ඇලි එක්ක පොටෝ කතාවයි, පොටෝ ගැන රස කතාවකුයි එක්ක, ඊළඟ එක දෙන්නම්..

87 comments:

  1. Replies
    1. හොදා හොදා.. මම නං ආස අපේ අර කඳු ළමයා දාන පින්තුර වලට.. ඒවා හරිම සෝයි. වෙනියට මොකක්වත් කියන්න හිතෙන්නේ නෑ මේ දවස් වල උලමා වගේ ඇවිදින හැටියට..

      අර සොසි නෑ නෑ සුසී නං නියමයි මාතලං..

      Delete
    2. අඩෝව් වෙනියට එහෙම මොනවත් කියලා අහුවෙනවා එහෙම නොවෙයි ඔන්න.

      Delete
    3. පලවෙනිම කොමෙන්ටුවේ දෙසකයට මුල්ම අකුර මිස් වෙලා නේද....... මම මේ කල්පනා කරේ එක "හු" යන්නද "ප" යන්නද කියලා

      Delete
    4. එකෙක් කිව්වා.. මගේ පිටිපස්සේ හැම තිස්සෙම ඉන්න බූතයෙක් ඉන්නවය කියලා.. ඒ මූද කොහෙද.. යකෝ දාපු ගමන් කොමෙන්ට් කොරන්න.. උඹ මම ලියපු එක කියවනවද...?

      Delete
    5. මෙමරි ට්‍රේනිං කරපු එහෙක්ට ඕකත් කජ්ජක්ද ඩෝ. අපි ලොසි පරම්පරාවේ උන්. බුතයෙක් වෙලා හරි උඹෞ පස්සෙන් ඉන්න තියේනං කියල හිතෙනවා.. හැක් හැක්.. (තේරුනාද මන්දා)

      @ මැලේ

      අර _කා කියල හාදයෙක් මෙතැන කියවන්නේ මම කිව්වේ මිනිහා ගැන. ඉස්සරහ අකුර ගැන දන්නැ..

      @ නලියා

      ඇයි බොට පාංද අපි වෙනියට මොනා හරි කිව්වම

      Delete
    6. මොකක්ද බං අර අළුත් ගැජමන්ටුව.. 24h visits

      Delete
    7. බොට වෙන වැඩක් නැද්ද මම එක කිය කිය ඉන්නෙ..?

      Delete
  2. මාත් ආසම නැති දෙයක් තමයි පොටෝ වලට ඉන්න ඒක.. අපේ සෙට් ඒකේ එකෙක් ඉන්නවා.. මුට මාර මෙනියාවක් තියෙන්නේ ඒ සම්බන්ධව... මුත් එක්ක කොහෙ හරි යන්න ගියාම මගේ ලේ ටික ඒකසිය ගානට රත් වෙනවා.. මුට අඩියෙන් අඩියට පොටෝ ගන්න ඔනැ.. ඒපා වෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ගොඩක් උන් මාර පොටෝකුවික්.. අපේ නෝනත් එයින් එක්කෙනෙක්.. ඇල්බම් පිස්සුව, හොඳ එක..

      Delete
  3. මාතලන් දාලා තියෙන සොසිගේ ෆොටෝ එකේ ගතියක් තියෙනවා තමා. සොසිගේ බ්ලොග් එක මොකද්ද?

    සූසිගේ ෆොටෝ එක අරන් තියෙන්නෙත් සොසී මද? ;)

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/sonduru.sitha?fref=pb&hc_location=profile_browser

      Delete
    2. එයාගේ ෆොටෝ වගේම බ්ලොග් පෝස්ටුත් මාර ලස්සනයි.

      Delete
    3. තෑන්ක්ස් මාතලන්. මං බලන්නම්.

      @ Podi Kumarihami - ඒ නම මට හුරුයි. බලමු කියවලා.

      Delete
    4. එනවැයි අපේ අහා.... මම සොසී.

      සොඳුරු සිත

      Delete
  4. ඉස්සර මටත් මතකයි කැමරා කෑල්ලක් තියෙන උන් යන්නේ නිකන් ලෝඩ් පකීර්ලා වගේ.. මන් නම් උන්ගේ ආතල් කඩන්න ගියේ නැහැ.. නැති කමට බලන් උන්නා.. අදටත් මට මගේම කියලා කැමරාවක් නැහැ..

    ඉස්සරහට නම් මෙහෙම ඉඳලා බැහැ කියලා දැනෙනවා... අපිත් වැල යන අතට මැස්ස ගහන්න ඕනේ නේද බන් ...?

    ReplyDelete
    Replies
    1. "බ්ලොග් පෝස්ට් වල කොලිටිය වැඩියි" කියල හිතෙනව නං කැමරාවක් ගනිං.

      Delete
    2. කැමරා එකක් තිබුනේ එහෙමත්ම එකෙක් ළඟ විතරයි..

      Delete
  5. පොටෝ ගැන කතාකරන්නම ඕන. කලාත්මකයි (කියල හිතාගෙන) හුඟක් උදවිය ගන්න පොටෝ නං මෙලෝ රහක් නෑ. මම දකින විදියට නං පොටෝ ගැනිල්ල කියන එක වෙනම ආට් එකක්. ඒක සෑහෙන්න ඉගනගන්න ඕන.

    බ්ලොග් වලත් පිංතූර දැමිල්ල එකක එක්කෙනාගෙ එක එක විදියයි. කෙලින්ම මාතෘකාවට අදාල පිංතූරයක් දැමීම, පිංතූරයෙන් වෙනම කතන්දරයක් කීම කියන ආකාර දෙකම බ්ලොග්කරුවන්ගෙ තියනව. ඒ පැත්තෙන් නං එච්චර අවුලක් නෑ.

    ඇයි ඩෝ මගේ අන්තිම පෝස්ටුවෙ තියන පිංතූරෙ තේරුම්ගන්න නං හොඳ බුද්ධියක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක මචෝ ඉගෙන ගත්තත් කොරන්න බෑ.. ඇඟේ තියෙන්න ඕන දෙයක්.. අර සමහර උන් කියන්නේ පෙර ආත්මෙන් ගේනවා කියලා, ආන් ඒ වගේ.. කොහොමත් ඕන දෙයක් ඩිෆරන්ට් ඇන්ගල් එකෙන් බලන්න පුළුවන් උන් ළොව ජය ගන්නවා..

      Delete
  6. පුළුවන් හැම වෙලවෙම පොටෝ ගන්න එක මගෙත් විනෝදාංශයක්. මොකද පස්සේ කාලෙක ආයෙ ඒක බලනකොට පුදුම සතුටක් එන්නේ. ආපහු මතකය අළුත් වෙනවා..

    හාර්ඩ් එකේ ඉඩත් නෑ දැන් ෆොටෝ හින්දම. 60ජීබී පැනලා ෆොටො තොගයක්..

    අර කවුද කියලත් තියෙන්නේ Capture everyday.. there will never be another like today කියලා..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කව්ද ඩෝ ඒ වගේ ජරා කතාවක් කිව්ව ඒකා...

      සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

      Delete
  7. මම නම් ෆොටෝවලට මූණ අල්ලන්ට හරිම ආසයි. :D

    ReplyDelete
    Replies
    1. අපේ හාමිනෙත් එහෙම තමයි. ගොඩක් උන් හිතන්නේ ළොකේ ඉන්න ලස්සනම කෙනා තමන්ය කියලා නේ..

      Delete
  8. සෝයි පොඩි එකා.... වාසනාවන්!
    සෝයි සුසී...සෝයි කැමරා එක... ඉතාම බලගතු එකක් නෙව!

    ReplyDelete
    Replies
    1. අපේ ඇස් වහ කට වහටම ඒකට කෙල වෙලා ඕං.....

      Delete
  9. කේන්ති ගිහින් වචන වලින් ගහ මරා ගන්න ගියත් තරහ වෙන්න තරම් දෙයක් අපි දෙන්නා අතරෙ කවදාවත් වෙන එකක් නෑ මාතලන්..මොනවා බෙදා ගන්න බැරිවද අපි දෙන්නා තරහ වෙන්නෙ..එහෙම දෙයක් ආවොත් ලොකු කුට්ටිය බොට (වැඩිහිටියා හින්දා ) පොඩි එක මට බෙදා ගමු බන් !

    ReplyDelete
    Replies
    1. //ලොකු කුට්ටිය බොට, පොඩි එක මට//

      අම්මට උඩු, එතකොට කළටිය මාතලන්ට ගැටේ වෙනියට. කොහොමද ටිකිරි මොළේ..!

      Delete
    2. අනේද බන් කියන්නේ... බනේ එහෙම තියෙන්නේ...

      Delete
  10. මේකෙ සීයගෙ කාර් එක ගැන.... කන්ට්‍රි මියුසික් ගැන වගේම සුද්දො එක්ක කැලේ යන එක ගැන මුකුත් නෑ...... මාතලන්ගෙ නයා තාම පොඩියි....

    ඇදුරු තුමාගෙ නයා තමයි එදා මෙදා තුර බ්ලොග් අවකාශෙ හිටිය ලොකුම නයා....

    ReplyDelete
    Replies
    1. ඇයි ලන්ඩන් වල ඇල්බට් අංකල්.... රට නයෙක් නේ... නයි ඇනෝ..

      Delete
  11. මට තාමත් පට්ට ලැජ්ජ වැඩක් තමයි, පොටෝ වලට ඉන්න එක. ඔය මගුල් ගෙවල්වල ගියාම, මගුල් ජෝඩුවත් එක්ක ඉන්නම එපාය. ඕන් ඉතින් එහෙම ගත්තු පොටෝ වල ඉන්නවා, සයිකල් හැඩල් එකක් ගිලපු එකා වගේ.
    ____________________________________________________________________
    ආසම ටික මේ ඒ මමත් ඒ වගේ නිසා .

    ReplyDelete
    Replies
    1. ඇයි බන් යන යන තැනින් මළ පෙරේතය වගේ බීලා... ගොරකා ඇස් ලොද එලියට පැනලා වැටෙන්නෙ නැතුව අමාරුවෙන් කෙලින් ඉන්න මාතයා වගේ බෙබෙක් ෆොටෝ වලට නොයින්න තරමට හොදයි....

      Delete
    2. සජාන් ඔය ඇනෝ කියලා තියෙන්නේ ඉරිසියාවට.. බිව්වට පොඩ්ඩක් රතු උනාට.. හින්දි නලුවා වගේ මං... ඔය ඉතින්.... මට ලැජ්ජත් එක්ක...

      Delete
  12. මේ වගේ කතාවක් තිබුනා ඉස්සර සිංහල පොතේ , අර නයා ගෙට ඇවිත් කරපු හදිය... අන්න එක මතක් වුනා කියවනකොට. මාතලන හැබෑටම පොටෝ කෑල්ලක් දාන්ටකෝ අපිටත් බලන්ට , මොකද වෙනියා කියලා තිබුනා මගේ කොමෙන්ටුවට රිප්ලයි හැටියට "මාතලන් මහා දරුණු එකෙක් මම දැක්කනේ එදා " කියලා

    ReplyDelete
    Replies
    1. පොටෝ දාන්න ඕන නෑ.. හොඳ හැන්ඩි නළුවෙක් හිතේ මවා ගනින්කෝ.. ආන් ඒ වගේ තමයි..

      Delete
  13. කැමරා ගැනයි,පින්තුර ගත්ත හැටියි කියන්න ගියොත් මට විසුමක් නැති වෙනව.
    දැන් කාලේ වගේම තමා ඒ කාලෙත්.ගැටිස්සියන්ගේ ඉදල ඇන්ටිල ටත් පිස්සු කාමර එකක් එල්ලන් ඉන්න එකෙක් දැක්කම.
    ඒ කාලේ පුදුම සැපක්/සතුටක් ලැබුව කැමරා නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ එකෙක් හිරෙත් ගියා ඔය කැමරා එකක් නිසා. කැළණිය පැත්තේ ප්‍රසිද්ධ කේස් එකක් මේක. මූ කෙල්ලෙක්ගේ නිරුවත් පොටෝ අරන්. කෙල්ල වහ බීලා මලා.. අරු හිරේ ගියා.. උන්ගේ ගේත් ගිනි තිබ්බා...

      Delete
  14. ඡායාරූප ශිල්පය සහ ඡායාරූප ගැන කියනවා නම් මම හැමතැනම කියලා තියෙන්නෙ මම නම් ඡායාරූප ශිල්පියෙක් නෙවෙයි කියන එකයි. මම ෆොටෝ ගන්න කෙනෙක් (photo taker )විතරයි...හැබැයි කීප දෙනෙකුටම කන්න ඕනි උනහම කබරයා සංකල්පයට පාවිච්චි කරලා මට ගහලා තියෙනවා දැක්කා අපෝ ඕවත් කලාත්මක ෆොටෝද කියලා..කලාත්මක ෆොටෝ ගන්න මම ඡායාරූප ශිල්පියෙක්යෑ..හැබැයි මම ගන්න ෆොටෝ වලින් ප්‍රදර්ශනයක් තියන්න ඕනියි කියන හීනෙ නම් තියෙනවා හැමදාම..

    ReplyDelete
    Replies
    1. පොරක් වෙන්න නම් ෆොටෝ කෑලි ගහලා වැඩක් නෑ.... කන්ට්‍රි මියුසික් අහන්න ඕනි... සුද්දො එක්ක අඩ අදුරෙ කරවෙච්ච මස් කෑලි එක්ක දෙකක් නවන ගමන් කන්ට්‍රි මියුසික් ගහන්න පුලුවන් වෙන්න ඕනි......

      ඊට පස්සෙ බ්ලොග් එකේ එව්වා ලියන්නත් ඕනි....

      කන්ට්‍රි මියුසික් අහන ගාල්ල පැත්තෙ හිටපු පොරක් හිටියා මේ දවස්වල පේන්න නෑ........

      Delete
    2. ඒක හීනයක් ම වේවා යනු මගේ බියකරු ප්‍රාර්ථනයයි

      Delete
    3. ඔවු වෙනී අයියගෙ ෆොටෝ දැකල කී දෙනෙක් පිස්සු හදාගනීද කියල හිතන්න එපැයි. :D

      Delete
    4. @ වෙනී......හොඳ පැහැදිලි කිරිල්ල වෙනි. උඹේ ෆොටෝ ගැහිල්ලත් මගේ ලියවිල්ල වගේ. ලේඛකයෙක් නෙමේ. ඒ වුනාට ලියනවා.

      Delete
    5. මේ පෝස්ට් එකත් කලින් ලියපු එකත් උඹ ගැන ඉලක්ක කරලා ලියපු ඒවා නෙමේ මචෝ. තව කීප දෙනෙක් කරපුවා ගැනයි මම ලිව්වේ. ඒක් උඹ පටලව ගත්තා. මම පොටෝ වලට ඉන්න අකමැති උනාට. පොටෝ වලට මාර ආදරෙයි. ඒක නිසා තමයි මම "පින්තූරූ" කියලා බ්ලොග් එකකුත් "Classic Pics" කියලා බ්ලොග් එකකුත් කලේ..

      අපි කවුරුත් එක පාර ඇවිද්දේ නෑ නේ මචෝ. මුනින් අතට පෙරලෙන්නවත් බැරුව ඉඳල, පෙරලිලා, බඩගාලා, දන ගාලා, වැටි වැඩි ඇවිදලා තමයි ඇවිදින පටන් ගත්තේ. ඒ නිසා උඹ කැමති දේ උඹ අනිවාර්යයෙන් කරන්න ඕන. උඹේ ලිවීම වගේම, පොටෝ ඇල්ලිලත් දවසක උපරිමයට ඒවී.

      උඹට නෙමෙයි මටත් ඔය පිස්සුව තියෙනවා. මගෙත් වාහනේ ඕන වෙලාවක කැමරාව තිබුන කාළයක් තිබුනා. නමුත් කාරෙක කඩපු වෙලාවක. ඒක නැති උනා.. අර සොසිට උනවැඩේමයි මටත් උනේ.. කැමරාව නැතුවත්, ඒකට සල්ලි ගෙව්වා.. ආයේ එකක් ගන්න ඕන.. කෙහෙද මහින්ද අයියත් එක්ක බෑ නේ.

      හැබයි මම ගත්ත ඒවා දාන්නේ නැත්තේ. ඒවා ගැන මම සැටිස් නෑ.. ඕන නම් එකම එකක් ලබන එකේ දාන්නම්..

      Delete
  15. ෆොටොත් එක්ක පොඩි වැඩක් පටන්ගත්තා තාම පර්යෙෂණ කරමින් ඉන්නේ පොඩි යට කඩයක් ඉස්සරහට එළි දක්වන්නම් එතකොට පොඩි රාජ් මමයැ...!

    ReplyDelete
  16. බුදු අම්මෝ නයාගෙ දිග. මුචලිංද නාග රාජය.

    ReplyDelete
  17. සුරූපී වස්තුවක විරූපී ඡායාරුපයක් වගේම විරූපී වස්තුවක සුරූපී ඡායාරුපයක් කියන්නෙත් විරුපයක් කියලා අහලා තියනවා. මාතලන් නම් ෆොටෝ වලට ඉන්න අකමැති දෙවෙනි එක හින්දා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. හුහ්... දැක්නම් ඔහොම කියන්නේ නෑ... තොපේ ඇස් වහ කට වහ වදින නිසාමයි පොටෝ නොදාන්නේ...

      Delete
  18. ෆෝටො ගැනිල්ලේ බීතිකාව නම් මට හොදම එකෙන් තියෙනවා.මෙදාපර ලංකා ගමනෙදි දවස් 14 ට ෆොටෝ 1297 අරන් ඔන්න......හස්බන් නම් කියන්නේ මෙමරි කාඩ් තියෙන හින්දා හොදා රීල් තිබ්බ නම් පර්ස් එකට හරි වෙඩින් එකක් තමා වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. බීතීකාව නෙමෙයි ඕකට කියන්නේ.... මේනියාව.... අපේ නෝනටත් ඔය ලෙඩේම තියෙනවා...

      Delete
  19. KAKA NAM INNE BOGA DA GATHTHU GAMANMA NE, BOGA WALE OLUWEN HITAGENA.

    ReplyDelete
  20. මාතලන්.......මෙතනට අදාල නැති කමෙන්ට් එකක්. මේක තාම කියෙව්වේ නැහැ.

    මචං.....පුලුවන්නම්...".ඉගෙනගැනීමට කෙටි චිත්‍රපටි" බ්ලොගට පොඩ්ඩක් ගොඩ වැදියන්. උඹේ අත හිත උන්ට වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. මම හැමදාම බලන එකක්.. මගේ ප්‍රියතම සබ්ජෙක්ට් එකක්.. සින්ඩියේ එල්ලලා තියෙන්නේ..

      Delete
    2. මේන් මේක ගැන.....

      http://short-film-world.blogspot.com/

      Delete
  21. හරි හරි. ජොලියට කරපු වාදයක් නම් කමක් නෑ.

    මම නම් ෆෝටෝස් ගන්න ඇබ්බැහි වෙලා තියෙන්නෙ. තියෙන එකම දුක සමරර ඩිජිටල් ඒවා corrupt වීමයි ඊට කලින් ‍ෆිල්ම් කැමරාවලින් ගත්ත අතීතයේ වැඩි හරියක් නිකම්ම විනාස වී යාමයි.

    මම ෆෝටෝස් ගන්නෙ නම්, අනිත් උන්ව සතුරු කරන්නට වඩා, ආත්ම තෘප්තිය සඳහායි.

    ReplyDelete
    Replies
    1. මම ගන්නෙත් ආත්ම තෘප්තිය විතරයි.. ෆොටෝස් ලැමිනේට් කරා නම් හරි.. දැන් නම් ගොන්පීටරේ ඉස්ටෝ කර ගන්න පුළුවන්නේ..

      Delete
    2. දැන් පරක්කු වැඩියි මචං. ඒවා ඉවරෙටම ඉවරයි.

      Delete
  22. මෙන්න වැඩක් ..මා ගැනත් ලියලා. මමත් ඔය සිරාවට ෆොටෝගැනිල්ල ඉගෙන ගත්ත කෙනෙක් නම් නෙවී.ඒත් දන්න කියන ෆෙටෝගන්න විද්වත් අය ගෙන් පුංචි පුංචි දේවල් ගොඩාක් ඉගෙන ගත්තා.ඒත් බොහොම අවාසනාවන්ත ලෙස ණය ගෙවල ඉවර වෙන්නත් කලින් ,ඔය මාතලන් දාලා තියෙන පින්තූරේ මම ගත්තේ දඹානෙදි.දඹානෙ ආදි වාසි කොළු පැටියෙක් ඔය. අවාසනාවට දඹානෙදි මයෙ දුප්පත් කැමරාව බිම පත බෑවුනා.දැන් එර්ර් මැසේජ් එකක් එනවා. බලන්නෝනි හදා ගන්න. කැමරාව ගන්න ගතපු ණය තාම ගෙවල ඉවර නැහැ.හෙහ්... ඒකට දැන් ඇබ්බැහි වෙලා. හිත නිවා ගන්න ප්‍රශ්ණ අමතක කරන්න නියම විනෝදාංශෙ.

    ReplyDelete
    Replies
    1. කැමරා එක හොඳ තැනකින් හදා ගන්න... මටත් ඔය සන්තෑසියම උනා. වාහනේ කඩපු වෙලාවක කැමරා එක උස්සලා.. මමත් කැමරා එක නැතුව, ගෙවලා ඉවර කරා.. මෙහෙදි නෙමෙයි වෙන රටකදි..

      Delete
  23. අර මගෙ පෝස්ට් එකක ලිව්වෙ එඩුවා ගැන,පොරට පොටෝවලට පෝස් කරන්න බෑ.දවසක් මම ඔෆිස් එකේදි පොරගෙ පින්තූරයක් නිකමට ඇල්ලුවා...උගෙ අයි ඩී අලුත් කරගද්දි පොටෝ ගන්න කොහොමටවත් බැරිතැන මාව හම්බවෙන්න ඇවිත් මගෙ ළඟ තිබ්බ සී ඩී එක ඉල්ලගෙන ගියා පින්තූරෙ ගහගෙන ගෙනැත් දෙන්නං කියල...මමත් පොටෝ ගත්තට පොටෝවලට පෝස් කරන්න බැරි ගතියක් පොඩියට වගේ තියෙනව කියල හිතෙනව.
    http://helapakade.blogspot.com/2013/05/blog-post_3.html

    ReplyDelete
    Replies
    1. හැලපයියේ... හැලපයියේ... කවද්ද අපේ දිහා එන්නේ අර පුස්කන කැමරාවක් ඉල්ලා ගන්න

      Delete
    2. ආන් හැලපේ වචනේ පෝස් කරනවා කියන එක තමයි වචනේ.. මටත් බැරිම වැඩේ ඕක...

      Delete
  24. මම දන්න පොටෝ ඇල්ලිල්ලක් නැති උනාට මොකෝ පුදුම පොටෝ පිස්සුවක් නෙව මටත් තියෙන්නේ... :D

    ReplyDelete
    Replies
    1. කාන්තා පස්සයට පොදුවේ හැදෙන ලෙඩක් ඕක. අනික රථ ගාය..

      Delete
  25. සුනිලා කරේ තියාගෙන යාමක් නොව, මාතලන් ඔබ කී දෙයක් බේගලයක් නොවේ නම් වගකීම් සහිතව උදාහරණ සහිතව ඔප්පු කරන්න.

    ඔබ එදා කියා සිටියා සුනිලා මධ්‍යස්ථව අපක්ෂපාතීව රජය පමණක් නොව කොටි සංවිධානය පවා මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් විවේචනය කල බව. ඉතින් එදා මම අසා සිටියා කොටි විවේචනය කල බවට සාක්ෂි. ඔබ ඒ ගැන සඳහනක් නොකර මග මග හැරියා.

    නැවත ඒ ගැන ඇසු විට කියන්නේ මම සුනිලා කරේ තියා ගෙන යනවා කියන එක. එහෙම නෙවෙයි එදා ඔබ ඇය කරේ තියාගෙන ගියා. බොරු කීවා.

    බොරු නොකීවේ නම් සාධක සහිතව ඔප්පු කරන්න , වගකීම් සහගත මහත්මයකු ලෙස.

    http://maathalan.blogspot.com/2013/09/in-respect-of-sunila-abeysekara.html?showComment=1379567607062#c8953467165015034743

    ReplyDelete
    Replies
    1. සුනිලා කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදා ගැණීම ගැන ප්‍රසිද්ධියේ විවේචනය කලා ළිපි ලිව්වා.. ඔහේ උන්නේ ලංකාවේ නොවේ නම් මට කරන්න දෙයක් නෑ. ඔබ මගේ මහත්මා ගැන ප්‍රශ්ණ කරන්නේ.. ජාතී කුල බේද නොමැතිව මිනිසත් කම හා මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනි හුන් ලංකාවේ උන් ප්‍රධානම චරිතය ගර්හාවට ලක් කරන ඔබේ මහත්මා කම ගැන මට පහදා දෙනවාද...? අප කොටි සංවිධානය සුද්ද කරන්නෙත් නෑ.. නමුත් අහිංසක මිනිසුන් ඝාතනය කිරීමත් අනුමත කරන්නේ නෑ. ඒ තුවක්කුවම තමයි අද රතුපස්වල අහිංසක ජනතාව වෙතත් හරවලා තියෙන්නේ.. රතුපස්වල ජනයාත් ත්‍රස්තවාදීන්ද..

      Delete
    2. සුනිලා කරේ තබා ගෙන යාම මට ලැජ්ජාවට කරුණක් නොව.. ආඩම්බරයට කරුණකි.. මම ඇගේ මිනිසත් කම වෙනුවෙන් සැමදා පෙනි සිටීමී... නමුත් ඇයද සර්ව සම්පූර්ණ ගැහැණියකු නොවේ.. අවසාන වශයෙන් කීමට ඇත්තේ.. මිය ගිය වුන්ට වත් සාමයේ සැතපී ජීවත් වන්නට ඉඩ දෙන්න..

      Delete
    3. කොටි මායිම් ගම්මාන වලට පැන මිලේච්ඡ ලෙස සිංහල , මුස්ලිම් සිවිල් ජනතාව ඝාතනය කිරීම සාධාරණීකරණය කෙරීම වගේ ඒවා එහෙම කෙරිලම නැද්ද ?

      Delete
    4. මගෙන් සාක්කි අහනවා වගේ. ඔහේටත් සුනිලා එහෙම කිව්වා කියලා සාක්කි තියෙනවද.. මම කියන්නේ අනිත් හාල්පාරුවෝ ලියපුවා නෙමෙයි, සුනිලා ලියපුවා..

      Delete
    5. සාක්කි තිබේ. විස්තර ඇතිව එන්නම්.

      Delete
  26. ඔය පොටො ඇල්ලිල්ල දැන්නම් සුලු දෙයක් වෙලා

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් දෙකයි පනහේ පෝන් වලිනුත් පොටෝ අල්ලන්න පුළුවන්නේ..

      Delete
  27. ඩෙනිමට යටින් සුද්දිගේ කලු ජංගි කොටෝ
    හොඳ කැමරාව හැම විට විය යුතුද ඔටෝ
    වාද බේද වැඩකට නැති අපට මොටෝ
    කට්ටිය ඉඳ ගනිවු වෙනියා ගනියි ෆොටෝ

    ReplyDelete
    Replies
    1. පට්ට කයිය අරූ...

      ඕන එකෙක් ගහ ගත්තට අපට මොටෝ
      වට්ටම් නෙවෙයි ගහනවා තට්ටමේ පොටෝ

      Delete
  28. ෆොටෝ ඇල්ලිල්ල නම් මං තුමාත් කරගෙන යනවා! හැබැයි පොඩි කැමරා කට්ටකින් පොඩ්ඩ පොඩ්ඩ!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයීතින්.... එක පාරට ලොකු වැඩ කරන්න යන්න නරකයි...

      Delete
  29. අපේ වෙනී අයියා කියන්නෙ සෑහෙන්න වෙහෙස මහන්සි වෙලා නිවැරදි කෝණය හොයාගෙන හොම්බ දිග කැමරාවෙන් පින්තූර ගන්න ඇත්තෙක්...කොල්ලන්ව කණ්ඩියට හේත්තු කරලා ෆොටෝ ගහන්න දරන වෙහෙසක්...

    මෙන්න මෙතනින් බලන්න

    ReplyDelete
  30. මෙච්චර පොටෝ කටාල ඉන්න අපේ බ්ලොග් අවකාසෙ පොටෝ බ්ලොග් [ photolog ];වීඩියෝ බ්ලොග් [Vlog] වගේ අංස ඇයි බොහොම දුරුවල..?

    ReplyDelete
    Replies
    1. කොත්තු සින්ඩියේ සුපිරි ගනයේ පොටෝ පලවෙනවා... මම හිතන්නේ ඒවා අපේ උන්ගේ..

      Delete
  31. සිරාවටම මමත් බලන් හිටියේ මාරයා වගේ දෙන්නගෙන කවුරු වැඩියෙන් වලියට දක්ෂද කියලා. මාතලන් අයියේ කිව්වට මොකද මමත් ඔය ෆොටෝ කාරිය ගණන්ව හැබැයි මටවත් මෙලෝ රහක් නැහැ. හැක් හැක් හැක් හැබැයි ඉගෙන ගන්න ආසයි

    ReplyDelete
    Replies
    1. පොටෝග්‍රැෆි කියන එකත් සින්දු කියන්න පුළුවන් වගේ ඇඟෙන් එන්න ඕන එකක්. ඉගෙන ගත්තට කරන්න බෑ.. විශාරදයෝ කප්පරක් උන්නට කී දෙනෙකුටද ගීතයක් ගායනා කරන්න පුළුවන්..

      Delete
  32. ඉස්සර නම් ඉතිං තාත්තගෙ වන් ටෙන් එක අරන් බුවා වගේ ගියා ට්‍රිප් යද්දි... දැන් ඉතිං ෆෝන් එකේ තියෙන කැමරාව තමා... ගන්න ඕන කියල හිටියට තාම බැරිවුනා වෙන එව්වා කැමරාව මැද්දට පනින එක නවත්තන්න..

    ReplyDelete
  33. අනේ මාතලන් මලේ ,
    මම නම් අයියා කෙනෙක් නම් නොවේ. මැනින් මාර්කට් එකේ 6x4 තට්ටුවක් උඩ ආනමාලූ විකුනපු එකෙක්. ලොකු දෙයක් මලේ,අර පල්ලෙහා කැලි වල කා.පූ.මා.මූ. වගේ සෙට් එකක් විකාර ලියලා තිබ්බ ඒවා මකලා දාපු එක. මම ගියේත් මලේ කියන ඉස්කෝලෙට තමයි හැබයි ඉතිං එක තිබ්බෙ මරදානේ ටෙක්නිකල් හන්දියි යයි පංචිකාවත්ත වට රවුමයි යාකරන ශ්‍රී සංගබෝධීරාජ මවතෙයි මැදට වෙන්න .
    උපන් ගමයි , හැදුන ගමයි ගැන ලියාපු හින්දයි මේවා ලිව්වේ ......
    "එහෙම එකක් තියෙනවා ඇත්තටම.. ඒත් මගේ බොක්කෙ යාළුවෝ වැඩි පිරිසක් ආනන්ඩියන්ස්ලා.. මම ඕකේ පන්තිවල ඉඳලත් තියෙනවා.".
    මලේ මේ ඉස්කෝලෙට ඇත්තටම ගියාද.... කොයි පන්තිවලද වඩිවෙලා උන්නේ
    ක්‍රිස්තුවා මැරීකැන්ස් ලිව්වේ ආ යි මරාගන්න එපා ....මලේ උඹ පොළොන්නරුවේ රාජකීය එහෙම ගියේ නෑනේ....කුරුඳුවත්තේ රාජකියටමනේ ගියේ...මට නම් එක ෂුවර් දැන්.ගම ගාල්ලේද?

    හිනා යන ඒවා ලියපන් මලේ සිරා ඒවා නැතිව.....මෙන්න මේ වගේ ආතල් ඒවා........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න