.

.

Nov 2, 2011

රිලා නැටුම් - Monkey Business

මහ රජු, යුව රාජවරු
ඇමතිවරූ
වෙළඳුන් දැහැමි ගරු
මහ ඇමතිවරු
නගර අධිපතිවරු
පිරිවරා රැගෙන යයි
"වඳුරු රැල"
රකින්නට පින්වතුන්
නොරකිනා බැවිනැ
දෙවියන්ද මහ බඹුන්
කඩුව දී උන් අතට
තුරඟුන් බැදි රථ පෙලක්
වේගයෙන් හමායයි
මිදුනු ඊ මෙන් දුණුවලින්

පිනවමින් බිසෝවරු
රජ කුමර කුමරියන්
රගති මේ වඳුරු රැල
නෑ ගමන් යන ලෙසිනැ
රාජ උදහසට ලක්වැ
උලේ ඉන්නා ලෙසිනැ
සල්පිල්හී සැරිසරා
කඳක් ගෙනෙනා ලෙසිනැ
රටවැසියා පිනවමිනැ
ගසති උන් බඩ පිනුම්

බලන් කරුමෙකැ මහත
කොටාපිය මැතිසඳට
"කොටාපිය" කිව් බැවිනැ
ධවල භීෂන සළුවෙ
වසා උන් මැස්සාට
මැතිවරුන් තැතිගනී
තැනින් තැන
සතර කන් මන්ත්‍රණය

ලක් වීය උදහසට
වඳකරන අදහසට 
 මනාපයි මැතිවරුන්

වඳුරන්ට ඉව වැටෙයි
පලායයි නගරයෙන්
මහා මන්දිර වලින්
කුදලගෙන රැගෙනවිත්
දඟ ගෙදර වාසයට
යවති ගරු සරු නැතිව
මතුවේවී වදුරු කුණ
ගං මෝය කටවලින්

- O -

19 comments:

  1. අර වනේ වාසේ කියනනේ ඕකට වෙන්න ඕනේ මං හිතන්නේ...

    ReplyDelete
  2. මාතලන් මතකද අපේ ගරු බුහුමනට පාත්‍ර වුනු ගාමිණී දිසානායකයන් කිව්වා, පාසැලක එක් පංතියක සිසුන්ගෙන් මුල් 10 දෙනා රටේ උගතුන් වශයෙන් යම් යම් රාජකාරීන්වලට යොමු වෙනවාය. ඊලඟ 10 දෙනා මධ්‍යම මට්ටමේ රැකියාවන් වන, ලිපිකරු, ගුරු වගේ කටයුතු වලට යොමු වෙනවාය. තව 10 දෙනෙක් විතර කුලියක් මලියක්, ගොවිතැනක්, කරලා නිෂ්පාදන අංශයට එකතු වෙනවාය. ඉතිරි පිරිස කසිප්පු පෙරීම, මදාවි වැඩ, ආදී නොයෙක් දුෂ්චරිතවලට යොමු වී අවසානයේ දේශපාලනයට පැමිණ අර මුල් 20 දෙනාට නියෝග දෙමින් රට පාලනය කරනවාය. මේක වෙනස් කරන තුරු රට දියුණු කරන්න බැහැය කියලා. ඒ නිසා නේද මේ ඔක්කොම.

    ඔය රිලා නැටුම අර කට්ටියගේ හිස්බව වහගන්න තියෙන්න ඕනෙ නේද?

    ReplyDelete
  3. රිලා නැටුම් කියනකොට ඔලුවට ආවේ වෙන දෙයක්...:)

    ReplyDelete
  4. me underworld prawal gana neda kiyala thiyenne...!! kuddanta giya rata....rate ihalama thanatath kuddo nethuwa wadak kara ganna beri ratak ne me......

    ReplyDelete
  5. තවත් කාලයක් බලං ඉන්න වෙයි ඔය වඳුරු නැ‍ටුං . . . .

    ReplyDelete
  6. කාලයක් අලි සෙල්ලම් බැලුව, ඊටපස්සෙ මොණර නැටුන් බැලුව, ආයේ දැන් රිලා නැටුන් බලනව. අපිත් ඉතින් සර්කස් බලමින් ජොලියේ ඉන්නව. 'නැව ගිලුනත් බෑන්ඩ් චූන්'

    ReplyDelete
  7. ආ......සැරෙන් සැරේ ගිනි කෙළිත් බැලුවනෙ අපි

    ReplyDelete
  8. මොනවා කියන්නද සහෝ.... මේවායේ කෙළවරක් මේ කපේදි දකින්නට ලැබෙයිද????

    ReplyDelete
  9. @ ප්‍රසන්න
    පුරුතුගීස් එන්න ඉස්සෙල්ලා කාලේට සීඝ්‍රගාමී ගමනක

    ReplyDelete
  10. @ වෙද මහත්තයෝ
    ගාමිනි ඒක කිව්වේ එයාලගේ වරද එයාලම තේරුම් ගත්ත නිසා. බන්ඩාරනායක බයියෝ ගෙනාවත්, අම්මා වලව්වේ නිසා බයියෝන්ට තැනක් හම්බ උනේ නෑ. මදාවියෝ ගෙනාවේ ගාමිනිලා. මදාවී රාජදානියේදීම එහි රස විඳගෙනම ගියේ ආනන්තරීය පාපකර්ම පළ දීමෙන්.

    ReplyDelete
  11. @ පොඩි කුමාරිහාමී
    එව්වා වගේද මෙව්වා..

    ReplyDelete
  12. @ මයියා
    තව මොන කතාද ලොක්කෝ...

    ReplyDelete
  13. @ ඕනයා
    මම හිතන්නේ නෑ..

    ReplyDelete
  14. @ ඔබා
    ඇයි කොටි නැටුම් අවුරුදු 30 ක්ම රට වටා පෙන්නුවේ..

    ReplyDelete
  15. @ කැන්ඩියන්
    ඕන දෙයකට අවසානයක් තියෙනවනේ. මම නෙමේ කියන්න.. ගෞතම බුද්ධ..

    ReplyDelete
  16. කැලේ ඉන්න රිලව් දැන ගත්තොත් උඹ මේවට රිලා නැටුම් කිව්වා කියලා උඹ ඉවරයි ......

    ReplyDelete
  17. //ඕන දෙයකට අවසානයක් තියෙනවනේ//

    ඇත්ත...වැඩේ තියෙන්නේ අපේ උන්දැලාට 'හැමදේකම අවසානයක් තියනවා කියලා තේරෙන්නේ කෙලවුනාම. එතකොට ජහමනයාට කෙලවිලා ඉවරයි. අමතක වෙලාත් ඉවරයි. ආයෙම තව කට්ටියක් කෙලවන්න පටන් ගන්නවා අර විධියටම. ඕක ඉතින් චක්‍රයක් වගේ තමයි. පටන් ගැන්ම කොහෙද, කෙලවර කොහෙද කියලා හොයාගන්න බෑ.

    ReplyDelete
  18. @ පංසල් හන්දිය
    වෙන මොනවැයි කියන්නේ මෙව්වට

    ReplyDelete
  19. @ කැන්ඩියන්
    අපේ ගොඩක් අයට යුද්ධෙ දැනුනෙ නෑ. නමුත් මේ දේවල දැනෙනව තමන්ගෙම ඒවුන්ට වෙන නිසා. යන ක්‍රමේ නම් දරුණුයි. කරන්දෙණියෙ එහෙම පේනවනේ. නමුත් යුද්ධ තිබුන අනිත් රටවල් එක්ක බැලුවහම. තවමත් අපි හොඳයි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න