.

.

Oct 17, 2011

රෑ බදුල්ලා - Internet Dongle



නෙතු ගැටිනි
හිත ඇදුනි
ගත පිනුනි
ගොඩ වැදිනි

ගොඩ උනා ඒ මොඩර්න් කඩයට
සුරූ පිණියන් මාව වටකොට
ඩිස්.. කවුන්ට් සමගින්.. වැඩිම ගානට
රෑ බදුල්ලෙක් දුන්නා මා හට

සුදුයි සුමුදුයි ලස්..සනයි මුත්තේ
බලුබ් දානවා පස්ස පැත්තේ

ඔලුව ගලවා
මැසිමෙ ගැහුවා
ලයිට් දල්වා
කනෙක්ට් කිව්වා

ඔලුව කඩලත්
ඇඟම වැඩ නේ
විශ්වයම උගෙ
ඇඟේ තිබුනේ

අනේ මන්දා අරුම පුදුමේ
කොහොම හැදුවද මෙව්වා අම්මේ

පොල් කුරුමිණියා කනේ ගහනවා
හලෝ හවා යූ කියා අහනවා
කැමරා වීඩීයෝ රේඩියො ඔක්කොම
කැල්කියුටරේ ඇතුලෙ තියෙනවා

යට ලීයෙන් පීදුනු සුර අඟනුන්
කොම් පියුටරයේ තිරෙන් වඩිනවා
කේඨ ග්‍රන්ති මන පිනවා යනවා
රෑ බදුල්ලා හොරැහෙන් හිනැහෙනවා

54 comments:

  1. හික් හික් ... පට්ටයි මාතලන් .දැන්නම් ඩොංගල් එකක් පාවිච්චි කරන්නත් ලැජ්ජයි වගේ ඌ අපිට හිනා වෙනද දන්නෑ නේ .!

    අපිට අන්තර්ජාලේ ගෙනද්දුන්නු ඩොංගලේට මෙන්න මගේ ආචාරේ !!

    කවිය මල් 7x7

    ReplyDelete
  2. හාමිනෙ නිදා ගන්නේ කොයි වෙලේදෝ..
    …ඩොන්ගලේ ඉන්න නංගිල මෙයාට පෙනේදෝ..
    …එතකම් පොඩි රඟපෑමක් මම කරම්දෝ...
    …දැක්කොත් ඉතින් දීගෙට තිත තැබේදෝ...

    ReplyDelete
  3. අනේ මන්දා අරුම පුදුමේ
    කොහොම හැදුවද මෙව්වා අම්මේ

    මටත් තියෙන ප්‍රශ්නේ... අන්ශු මාත්‍රයක්වත් හිතා ගන්න බෑ නෙව...

    යට ලීයෙ එව්වො තිරෙන් හක් හක්... පට්ටය

    ReplyDelete
  4. පොල් කුරුමිණියා කනට වඩිනවා
    mp3 mp4 මුමුනනවා
    …කැල්කුලෙටරෙන් පොටෝ ගන්නවා
    …කතාව නම් බෑ දුරකතනය නම් වෙනවා

    ReplyDelete
  5. රූ බදුල්ලා? මැක්සා.
    ඕකට හරියන්නෙ ඔය නමම තමයි...
    මම නං කාලකන්නියා කියලත් කියනවා. මගේ ජීවිත කාලෙන් මූ කාල තියෙන ප්‍රමානය බැලුවොත්..............

    ReplyDelete
  6. හික්ස්..මේකා සේරම බලාගන ඉඳලනෙ...

    ReplyDelete
  7. රැ බදුල්ලා කීවාම මම හිතුවේ කෝච්චියක නමක් කියල.. හික්...

    ජය..

    ReplyDelete
  8. මැxxසා..තව මොනව බලනවද දන්නෙ නැහැ

    ReplyDelete
  9. යට ලීයෙන් පීදුනු සුර අඟනුන්
    කොම් පියුටරයේ තිරෙන් වඩිනවා
    කේඨ ග්‍රන්ති මන පිනවා යනවා
    රෑ බදුල්ලා හොරැහෙන් හිනැහෙනවා

    මැරෙන්න හිනා බන් . . .. පට්ට . .

    ReplyDelete
  10. මේක මචෝ එළ එකේ උපරිම. මාත්‍රා යකාට ගියාවෙ. කවිය නං...අම්මේ....

    ReplyDelete
  11. නියමයි! කියන්න වදන් සොයා ගත නොහැක.

    ReplyDelete
  12. මාරයි.නියම කවි පද ටික.නමත් නියමයි.රෑ බදුල්ලා.හ්හ්හ්හ්

    ReplyDelete
  13. 'ඩොංගල්' කියනවට වඩා රෑ බදුල්ලා ලස්සනයි තමා. ඇති යන්තම් ගෑනු නමක් දාගත්තේ නැතුවා...:D

    ReplyDelete
  14. හාමිනේට හොරෙන් නාරි ලතාලා බල බල ඉදලා ඉදලා අහු උන දවසට රෑ බදුල්ල ඉදීවි අල්ලපු වත්තෙ....

    ReplyDelete
  15. ඩොන්ගලේ නිසා අපි කොච්චර දේවල් ලබා ගන්නවද. මටත් ඩොන්ගා නැති නැති වුනොත් ඉතිං ඉවරම තමයි.

    ReplyDelete
  16. "යට ලීයෙන් පීදුනු සුර අඟනුන්
    කොම් පියුටරයේ තිරෙන් වඩිනවා
    කේඨ ග්‍රන්ති මන පිනවා යනවා
    රෑ බදුල්ලා හොරැහෙන් හිනැහෙනවා"

    මේ ටිකනම් සිරාවටම ලස්සනයි....

    ReplyDelete
  17. අම්මප ඔය ඩොංගලය ගෙනැල්ල දෙන කෙලිච්චියො ටික නං. . . . ඒත් පවු බං උං . . . විලි වහගන්න වස්තරයක්වත් නෑ නෙ හරිහමං විදියකට . . . . පවු

    ReplyDelete
  18. යටලීයේ සුර අඟනන් තිරෙන් බහින්නේ.....
    මතලන්ගෙ බෙල්ල එහා වටේ වැනෙනේ......
    රෑබදුල්ල චප්පචොරොස් වෙලා තියෙන්නේ.......
    තඩිපොල්ලක් හාමිනේගෙ අතේ ලෙලෙන්නේ........

    "මාතලං... මාතලං... මංකොරන්නෙ සූරවීර කං.."

    X-Porter

    ReplyDelete
  19. ඕනයටත් දැන් ඩොන්ගලේ පිහිට තමය්...,

    ReplyDelete
  20. මාතලන් අයියේ ඔයා මගේ සංයුක්ත කවියට යන පාර අහලා තිබ්බා කතන්දර බ්ලොග් එකේ. එතන ලින්ක් එක දාන එක හොඳ නෑ කියලා හිතුනා. ඒ හන්දා මෙතන දාන්නම්. මේ පෝස්ට් එකට අදාල නැති නිසා මේක දැක්කාට පස්සේ මේ කමෙට් එක මකන්න

    http://sudupoosa.blogspot.com/2011/10/blog-post_17.html

    ReplyDelete
  21. අප්පට සිලි දැන්නොවැ කවිය බැලුවේ!
    රෑ බදුල්ලා? :D

    ReplyDelete
  22. අයියේ පටටයි ඈ.... අන්තිම කව්යේ රෑ බදුල්ලා යනුවෙන් අදහස් කරපු දේ ගැන මට පොඩි ගැටළුවක් තියෙනවා....

    ReplyDelete
  23. @ පූසා
    අනේ මෙහෙම පූසෙක්.

    මනුස්සයෝ මගේ බ්ලොග් එකේ නැත්තං කාගේ එකේද ලින්ක් එක දාන්න ඕනෑ?

    මං නං ලින්ක් එකක් නැතිවුනත් පූසා නම ක්ලික් කරලා ප්‍රොෆයිල් එක හරහා බ්ලොගේට ගිහින් කවිය බැලුවා.

    අනික ලින්ක් එකක් දාන කොට ටැග් යුගලකින් වට කරලා දාන්න HREF එකට URL එක දාලා, එතකොටයි ලින්ක් එක වැඩ කරන්නේ.

    ReplyDelete
  24. @ මාතලන්
    උදේ රූ බදුල්ලා, රෑ වෙනකොට රෑ බදුල්ලා වෙලා නේද?

    ReplyDelete
  25. @ සඳරූ
    මල් මදි බන් 49 යිනේ.. අඩුගානේ 76ක් වත්

    ReplyDelete
  26. @ ගිම්හානී
    එක එක ජාති සෙල්ලම් නේ තියෙන්නේ
    දැක්කත් නොදැක්කා වාගෙයි සිටින්නේ

    ReplyDelete
  27. @ පිස්සා පළාමල්ල
    මට මූදේ නැව් යන එකවත් හිතා ගන්න බෑ බන්..

    ReplyDelete
  28. @ සුසන්ත
    සිතූතියි...!!!

    ReplyDelete
  29. @ ලොකු ජෝන්
    MP3 ගහන් පාර පනිනවා
    බස් කාරයො මාරයෝ වගෙ එනවා
    කන පුපුරන්නට් හෝන් ගහනවා
    ඇහෙන්නෙ නෑ ඇඟ උඩින්ම යනවා

    ReplyDelete
  30. @ චාමී
    රෑටමනේ වැඩ...

    ReplyDelete
  31. @ ලකී
    බලාගෙන පුතෝ...

    ReplyDelete
  32. @ ගයාන් රූපසිංහ
    නයිට් මේල් වගේ ගතියක් තියෙනවා තමයි

    ReplyDelete
  33. @ සීජේගයාන්
    ලැජ්ජ කරන්න එපා බන් කස්ටිය ඉස්සරහ

    ReplyDelete
  34. @ දුකා
    මාත් ආස ඒ කෑල්ලට...

    ReplyDelete
  35. @ ඉන්දික උපශාන්ත
    අම්මි ගහයිද දන්නෙ නෑ...

    ReplyDelete
  36. @ වෙද මහත්තයා
    සිතූතියි වෙද මහත්තයෝ..

    ReplyDelete
  37. @ සුද්දි
    ටෑන්ක්ස්.. සුද්දියෙක් නේ....

    ReplyDelete
  38. @ පොඩි කුමාරිහාමී
    අපි අහුබුදු මහත්තයගේ ගෝලයෝ..

    ReplyDelete
  39. @ දිල්
    රෑ බදුල්ලා කුඩු තමයි ඉතින්..

    ReplyDelete
  40. @ නිසූපා
    ඒකනේ කරේ දාන් යන්නේ..

    ReplyDelete
  41. @ දිනේශ්
    මගෙත් ප්‍රියතම.. ටැන්කූ

    ReplyDelete
  42. @ ඕනයා
    ඒ උනාට හයි හීල්ස් දාලා ඉන්නේ...

    ReplyDelete
  43. @ එක්ස් පෝටර්
    දුප්පතාගේ හිතවතානේ මං

    ReplyDelete
  44. @ ඔබා
    ඌට විතරමද ... ෂුවර්ද...

    ReplyDelete
  45. @ පූසා
    අනේ සොරි පූතෝ අදයි මම ඒක දැක්කේ.. පට්ට.. මගේ සින්ඩියටත් දාගත්තා..

    ReplyDelete
  46. @ ප්‍රසන්න 86 කේ
    ඊට ඉස්සෙල්ල පදයේ නම් යටි අරුතක් තියෙනවා

    ReplyDelete
  47. @ ප්‍රසන්න86කේ
    ඊට ඉස්සෙල්ලා පේලියේ නම් වෙනත් අරුතක් තියෙනවා

    ReplyDelete
  48. @ චතුර විජේකෝන්
    ස්තූතියි...

    ReplyDelete
  49. @ ඉන්දික දිසානායක
    ස්තූතියි දිසා....

    ReplyDelete
  50. @ කතන්දර
    ඒ කතාවත් හරි...
    පූසට දාපු කොමෙන්ට් එක ගැන කියන්න තියෙන්නේ. ලංකාවේ නිව්ස්, ලාංකීය සිතුවිලි වලට පස්සේ මට වැඩියෙන්ම විසිට්ස් තියෙන්න කතන්දරගෙන්..

    ReplyDelete
  51. මාතලන් දුන්න ලින්ක් එකෙන් ආවේ. නියම කවිටිකක් සහ නියම නමක්. අපේ ජන වහරේ තියෙන ඒවා මේ වගේ ක්‍රියාවලි වලටත් භාවිතා කරනවා. සුද්දෝ දැන ගත්තොත් අපිට සම්මාන දෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න