.

.

Jul 28, 2011

මෙන්න බොලව් මගේ සින්ඩිය - True... not a Kindy


විහිළුවකට එහෙම නෙමෙයි.. ඕන් මමත් පටන් ගත්ත සින්ඩියක්..කින්ඩි දාන්න කාරී නෑ ඕන් මට තේරෙන විදියට තමයි වැඩේ පටන් ගත්තෙ.. ප්‍රධානම කාරනේ මගේ පහසුව සඳහා.. විවේකය තියෙන වෙලාවට කියවන බ්ලොග් ගනන එන්න එන්නම වැඩි වෙනව.. සමහර ඒව මග හැරෙනව.. නමුත් මේ වැඩේ නිසා ඒක වෙන්නෙ නෑ.. තවම පටන් ගත්ත විතරයි.. මම ෆලෝ කොරන මට මග හැරිච්ච ඒවත් ඇති.. හෙමිහිට හොයාගෙන හරියටම හදා ගන්න ඕන..


ඉතින් ඔහේලත් බලන්න මට මග හැරුණු ඒව තියෙනවද කියල.. එහෙම තියෙනවනම් මට ඊ තලයක් විදින්න.. ඒ වගේම ඔයාල බලන හොඳ බ්ලොග් තියෙනවනම්.. සින්ඩියට එකතු වෙන්න කැමති අය ඉන්නවනම්.. ඒවත් ඊයක අමුනල විදින්න..

විදින ඊ තල වැටෙන්නෙ මෙන්න මේ තැනට....

happyjay65@gmail.com


දේවගේ අඩවියේ අළුත් කොමෙන්ට් ගැජට් එකකුත් එකතු කරළ තියෙන්නෙ.. මම හිතනව වැඩේ නැගල යයි කියළ..

මේකට එකතු වෙන අයගේ පොස්ට් අනික් ඒවා වගේ නෙමෙයි.. දැම්ම ගමන් බඩුම තමයි.. අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි.. ඕන් මේ බ්ලොග් එකේ දකුණු අත පැත්තෙ උඩින්ම තියෙනව ගැජට් කෑල්ල..

මම අළුතෙන්, කවි වගේ ඒවට වෙනම බ්ලොග් එකක් පටන් ගත්ත.. ඒකත් ඔය දකුණු අත පැත්තෙ තියෙන අනම් මනම් කෙටුවම ඔයාලට හම්බවෙයි...(පද්‍ය - කවි - ඒ වගේ ඒවා...)

ගල්, මුල්, මල්, වැල්, හොඳ, නරක, කැත, ලස්සන, ගුණ අගුණ සියල්ල සතුටින් පිළිගනිමි...

4 comments:

  1. wow...මාර ලස්සනයිනේ...:)

    ReplyDelete
  2. @ Podi Kumarihami
    ලස්සන අය ඉන්න තැන් ලස්සන තමයි.. මොකෑ බොරුය...?

    ReplyDelete
  3. @ රත්ගමය

    ටෑන්ක්ස් ඈ.....!!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න