.

.

Jun 20, 2010

"අයි නෝද රෝඩ්" - පුතා.II....... - Road Directions II

පොඩි කාළේ ඉඳල තිබුනු ආසාවක් ඉටුවෙලා සුද්දියෙක්ට පාර කියන්න ලැබුනු කතාව මතක ඇති නේ. මේත් ඒ දවස්වලම වෙච්ච කතාවක්, අර සුද්දිගේ කතාවට පස්සෙ උනේ.

මේ දවස්වල මම යන එන ස්කූල් වෑන් එක ඉස්කෝලේ ගාවට එන කොට ටිකක් පරක්කු වෙනවා. බස් නානගේ ස්කූල් බස් ටිකත් ගිහිල්ල වාහන එනකම් බලාගෙන ඉන්න කීප දෙනෙක් තමයි ඉතුරු වෙන්නෙ.

ගොඩක් වෙලාවට මමයි, දිමුතුයි තමයි එකට ඉන්නේ. මෙයා ඇවිල්ල ගෙදරත් කඩු සටන කරණ කෙනෙක්. ඔන්න එක දවසක් අපි දෙන්න මෙහෙම ප්‍රින්සිපල්ගේ කාමරේ ගාව තියෙන ගෙට්ටුව ළඟ තියෙන තඩි ගහ යට ඉන්න කොට. ලස්සනම ලස්සම ආන්ටි කෙනෙක් ඇවිල්ල කාරෙක නැවත්තුවා.

"ඉස් දිස් ද ෆ්ලවර් රෝඩ්...?"

කාලා වරෙන්කො ඉතිං... මේක ෆ්ලවර් රොඩ් එක නෙමෙයි...ඔහොම කෙලින් ගියාම තමයි තියෙන්නෙ කියල කියන්න දැන් කඩ්ඩෙන්ම දීල දාන්න හිතෙනවා...

ඒත් ෂුවර් නෑ... අනික සුද්දිට වගේ ගෙනිහිල්ල පෙන්නන්නත් බෑනේ. එකක් වෑන් එක මිස් වෙනවා. අනික දන්නෙ නැති වාහන වලට නගින්න එපා කියල තිබුනේ ඒ කාලේ. කරවල වාඩී යන්න වෙන නිසා.

සුද්දෙක් වගේ ඉඳගෙන සිංහලෙන් උත්තර දෙන්නත් ලැජ්ජයි. ඉස්කෝලෙට එන නෝන්ඩිය අනිත් පැත්තෙං

බැලුව වැඩේ හරියන්නෙ නෑ. හැරුනා දිමුතුව දිහාට... ඌ හිනාවෙනවා.. දැන් නොන්ඩී වෙන්නත් බෑනේ. යොමුකළා කඩඉනී ප්‍රශ්නය යාළුවට.

"මචං මේ ආන්ටි ෆ්ලවර් රෝඩ් අහනව... මම නම් දන්නෙ නෑ... උඹ දන්නවනම් කියපංකෝ..."

දිමුතු දුන්න ඇන්ටි නැති බංගස්තාන වෙලා යන්න "තෑන්ක්ස් කියපු ආන්ටී යන්න ගියා... අපි දෙන්නටම මැරෙන්න හිනා.....කොහොමද ටිකිරි මොළේ....?

මම උත්තර දෙන්න හිටියේ කොහොමද දන්නවද...?

"දිස් නොට් ෆ්ලවර් රෝඩ්.. දිස් රෝඩ් ෆිනිස්.. යු සී ෆ්ලවර් රෝඩ්"

කොහොමද මගේ කඩුව....?  ඉස්කෝලෙත් විනාසයි....
.

20 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දෙයියන්ගේ නාමෙට පාර කිව්වෙ නැත්තේ හොඳ වෙලාවට. නැත්තම් එහෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "චාටර්" තමයි :D

    ReplyDelete
  3. මම හිටියනං කියන්නේ "දිස් රෝඩ් නෝරෝඩ් ,නෙක්ස්ට් රෝඩ් ද රෝඩ් 'කියල.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කොහොමද මේක?

    දිස් රෝඩ්. නෝ ෆ්ලවර් රෝඩ්. නෙක්ස්ට් රෝඩ්, ආන්න ෆ්ලවර් රෝඩ්.

    ReplyDelete
  6. ඔන්න එක්තරා විශ්ව විද්‍යාලයක, එක්තරා පීඨයක, එක්තරා කණ්ඩායම බැච් ට්‍රිප් එක යන්න ප්ලෑන් කරනවා. රටේ තත්වය නිසා දෙමල බැචාලා යන්න අදිමදි කරනවා.

    සිංහල පොරවල් ගියා මේ ගැන කතාකරන්න.

    අන්තිමේදී එකෙක් දුන්නා මෙන්න මෙහෙම අවසාන තීන්දුව.


    යූ ගෝ, වී ගෝ, යූ නෝ ගෝ එහෙනං වීත් නෝ ගෝ...!!!

    ReplyDelete
  7. සුද්දෙක්ව දඹුල්ලේ එක්කන් ගිහින් අපේ පොරක් සුද්දට පන්සල ගැන කිව්වේ මෙහෙමලු.
    "වලගම්බා ටෙම්පලින්. කටුවේ මිටියේ ටින්කරින්, ගල දිගේ වෝටර් කමින්, තඹ හැලියට ටාං ටාං කියලාලු" :)

    ReplyDelete
  8. ඉතිං දැන් කොටන්න පුළුවනැයි.....

    ReplyDelete
  9. මමත් ඔය ගහ යටදිම එක පාරක් වාහනේකට අහු වෙන්ඩ ගියා!!

    ReplyDelete
  10. දැන් ඉතින් හුද්දන්ට ඉන්ගිරිස් වලින් උත්තර දීපු හැටි කියපන්ංකො! මටත්හ් මරු කතා සැට් එකක් මතක් වෙනව, ඒත් ඉතින් ලියන්නෙ කොහොමද මේ පොඩි උන් යන එන තැන් වල අම්මප.
    ඒක් නෙමෙයි ලොක්ක, මොකෝ මේ කීප දොහක්ම දකින්ට නැතුව උන්නෙ, මුකුත් කරදරයක් එහෙම නේවීනෙ?

    ReplyDelete
  11. හික් හික් ඔය මදැයි... සිංහල රටේ කඩුව දාන අම්මන්ඩිලට උත්තර දෙන්න ඕනි ඔහොම නෙමේ

    ReplyDelete
  12. පට්ට කතාව.

    හැබැයි දෙයක් තියෙනවා කියන්න , අපේ ලංකාවේ උන් වරද්ද වරද්දහරි ඉංග්‍රීසි කතානොකරන එක ගැන දුකයි!

    ඕක වැරදුනා කියලා හිරේ යනවැයි!ලංකාවේ මිනිස්සුන්ගේ දුප්පත් චින්තනය!

    ReplyDelete
  13. කිව්වත් වගේ හොඳ වෙලාවට උඹ එහෙම උත්තර දීපු නිසා ඒ ගෑනිට තේරෙන්න ඇති. හරි ඉංග්‍රීසි පාවිච්චි කලානම් පාර හොය ගන්න බැරිවෙන්නත් ඉඩ තියෙනවා . . . . දිස් ශුඩ් බී කොස්ට් ලී . . . නෝ නෝ .. දිස් ඊස් බුරුත

    ReplyDelete
  14. මචෝ, අනික මේ ෆොටෝ එකේ දාල ඉන්න එක්කෙනාට ඇන්ටි කියන්න උඹට දුක නැද්ද ?

    ReplyDelete
  15. අයියෝ සිම්පල් වැඩක් නේ . . අර බෝඩිම නාට්‍යයේ චන්ද්‍රා කලුආරච්චි ඉංග්‍රීසියෙන් පාර කිව්ව වගේ අත කෙලින් දික්කරලා "ගෝ" කියලා ආපහු වම් පැත්ත පෙන්නලා "ගෝ" . . කියලා ආපහු දකුනු පැත්ත පෙන්නලා "ගෝ . . " කිව්ව නම් බඩු බනිස් . .. හික්ස්

    ReplyDelete
  16. ගම්වල "කඩුව" අපි නැහ ගනනක් ගත්තේ
    කම්මල හොදයි නම් කැපියැකි හැම පත්තේ
    මංසල අපි හිදිමු,කොහෙටද යායුත්තේ
    සිංහල නොදන්නා යුගයක එළිපත්තේ

    ReplyDelete
  17. @ සියලුදෙනාටම

    කොමෙන්ට්ස් දාපූ ඔක්කොටම පින්

    ReplyDelete
  18. මරු කතාව මචං ..ඔය වගේම කේස් එකක් මටත් උනා පොඩි කාලේ මගේ මල්ලි කාරය මොකක්ඩ එකක් කියල සුද්දා කොහොම හරි වැරදි පාරක ගියේ...අපි දෙන්න නෙමේ ආයේ එලියේ හිටියෙ..

    මම කියන්න ආවේ ඇත්තටම අමාරුවෙන් හරි කමක් නෑ ඉංග්‍රීසි කතා කරනව නම්..මොකද පිටරට වල මිනිස්සු බලන්නෙ තමන්ට ඕන විස්තරය ගන්න මිසක් එකේ හරි වැරදි බලන්න නෙමෙයි... අපේ ලංකාවෙ ඉතිරි වෙලා ඉන්න ගොඩ සුද්දො තමයි කතා කරන කොට එකේ ඇද කුද බලන්නේ...මෙහේ උන්ට ඒවා ගානක් වත් නැහැ..
    චීන්නු කතා කරන ඉංග්‍රීසි ඇහුවම අපේ එව්වො කොච්චර හොඳද කියල හිතෙනව..අපි ඉංග්‍රීසි වැරැද්දුවා කියල මෙහේ උන් හිනා වෙන්නේ නෑ.. ලංකාවේ කලු සුද්දො නම් බඩ අල්ලන් හිනා වෙලා නෝන්ඩි දායි... බය නැති හින්දම ඕන හැටියට කතා කරල භාෂාව හදා ගන්නත් පුලුවන්... මට තද වෙන්නෙ අපේ රටේ එවුන් සිංහල වැරැද්දුවට ගානක් නැහැ..ඉංග්‍රීසි ගැන තමයි කැක්කුම...

    කොහොමෙන් හරි එදා සුද්දට බයෙ ගෙදර ඇතුලට දුවපු මම අද සුද්දොන්ට ඉංග්‍රීසියෙන් උගන්නනවා කියල හිතෙන කොට මාර ආතල්... ;)

    දිගටම ලියපන් මචං.. මම ගොදක් වෙලා වට කියවන බ්ලොග් එකක් මේක..ජය වේවා...

    ReplyDelete
  19. lokka ranil lokkage skoleda gatuwe

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න