.

.

May 20, 2010

පොඩ්ඩක් ඉන්න අනේ.. තාම වෙව්ලුවේ නෑ....

.
මේ දවස්වල චූ කතා යන නිසා මටත් හිතුනා චූ කතාවක් දෙකක් කියන්න.

මගේ යාලුවෙකුගේ දෙවෙනි කොල්ල මම පොඩි කාලේ වගේමයි. කිසි බයක් නෑ කියන එක කෙලිනම කියනවා. අපේ කාර්යාලයේ උත්සවයකට සභාපතිට මල් මාලේ දාන්න තෝරගෙන තිබුනේ මේ පොඩි මෑන්.

අලුත් ඉඩමක් කෑලී කඩල විකුනන එක තමයි උත්සවේ. සභාපතිතුමා එන නිසා සෑහෙන පිරිසක් ඇවිල්ලා උත්සවේට. (ලකුණු දාගන්න,) ඔන්න දැන් ඈත ලොක්ක එනවා පේනවා. පොඩි එකා එකපාරටම "තාත්තේ මට චූ බරයි" කියපි. තාත්ත ඉතිං සුපුරුදු තර්ජනය දැම්ම.

"පොඩ්ඩක් ඉන්න, වැඩේ ඉවර කරල දාමූ.."

"ඉන්න නම් බෑ තාත්තේ, මම සරමෙම දානවා" කොල්ලත් දැම්ම තර්ජනේ.

අධ්‍යක්ෂක මණ්ඩලේ හොල්මන්, අපිට මැරෙන්න හිනා. මමත් කියල පොඩි එකාව පැත්තකට අරන් ගියා ටක් ගාලා වැඩේ කරල ගේමූ කියල. සරමත් උස්සල පෙම්පතා පහත් කරල (අපේ පොඩි මෑන් යටට අඳින එකට පොඩි කාලේ ඉඳල කියන්නෙ එහෙම. පොඩිම කාලේ අන්දන්නෙ පැම්පස් නේ, ඒවට එයා කියන නම තමයි ඒක.) දැන් තාත්ත චූ කරවනවා. (නැත්තම් ඇඟේ හැම තැනම දාගන්නවනේ)
"ඉක්මන් කරල දාන්න."

"පොඩ්ඩක් ඉන්න." පොඩි එකා චූ සාගරයක්ම දානව.

"ආ.. හරි ඉවරයිනේ..... යං යං ටක් ගාලා.."

"පොඩ්ඩක් ඉන්න අනේ..."

මාත් ඇහුව මොකද ඒ පාර කියල
"ඇයි දන්නෙ නැද්ද...? පොඩ්ඩක් ඉන්න තාම වෙව්ලුවේ නෑ..."
"බලන්නකො මාමී මෙයාට ඒකවත් තේරෙන්නෙ නෑනේ"

කොල්ලන්ට මේක තේරුම් කරල දෙන්න ඕන නැහැනේ......

7 comments:

  1. හිහ් හිහ් හිහ් හුහ් හිහ් හිහ් හිහ් හුහ් හූ.......................
    කොලුව තාම ටැබූ සබ්ජෙක්ට්ස් දන්න එකක්යෑ

    ReplyDelete
  2. බ්ලොග් අවකාශයේ චූ ගලා යයි!

    ReplyDelete
  3. නොමිලේ පැට්‍රෝල් වලට පින්

    ඇරල යන්න පුලුවන් බය නැතුව

    ReplyDelete
  4. නියම කතාව. මමත් දැම්මේ මේ ජාතියේම කතාවක් තමා

    http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_15.html

    ReplyDelete
  5. එල කොල්ලෙක්නෙ.
    ඔය යටට අන්දන 'ඩයපර්' වලට 'පැම්පර්ස්' කියන්නෙ සබන් වලට සන්ලයිට් කියනවා වගේ.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න