.

.

Apr 28, 2010

කාටූන් ... Droophy and Dripple


වයසක පොරක් උනත් තවමත් මගේ ප්‍රියතම විනෝදාශයක් තමයි කාටුන් බලන එක. (වැඩියෙන් කැමති වැඩිහිටි චිත්‍රපට බලන්න.) හඬ කවපු කාටුන් මුලින්ම ආ දවස්වල පෙන්නපු "දොස්තර හොඳ හිත", "හා හා හරි හාවා" එහෙම මතක ඇතිනෙ. ටයිටස් මහත්තයගෙ කාටුන් අතරින් වඩාත්ම සිත් ගත්ත එක තමයි "පිස්සු පූසා". ඒකෙ හිටපු ලොක්කා, ඤාව්ව, පුරු පුරු, මස් කට්ටා එහෙම කවමදාවත් අමතක වෙන්නෙ නැහැ.

ඊට පස්සෙ ඉතාමත් ජනප්‍රිය වෙච්ච එකක් තමයි. "සූර පප්පා" මේක පොඩි කාලෙ හිටන් අපි කියවපු බලපු "ඇස්ටරික්ස්" (Asterix) කාටුන් එකට දෙබස් කැවීමක්. හඬ කැවීම් ක්ශේෂ්ත්‍රයෙ පෙරලියක් කලා මේ කාටුන් එක. සිරස කරපු ලොකුම පෙරලියක් තමයි ඒක. අපේ රටේ ලොකු පොඩි සියලු දෙනා අතරම වයස් බෙදයක් නැතුව ජනප්‍රිය වුනා. මුල් කාලයෙ විකාශනය වූ දූ දරුවෝ, කෝපි කඩේ, ඇල්ල ලඟ වලව්ව වගෙ නොවරදවාම බලන්න පුරුදු වුනා.

සූර පප්ප, ජිම් පප්ප චරිත අදටත් බොහොම ජනප්‍රියයි. ජිම් පප්පගෙ හඩ අනුකරනය කරන්න ට්‍රයි කලා සැවොම. "කැලේ මැද ගමක් තියෙනවා..... එහෙ පප්පල රෑනක් ඉන්නවා....." කියන ගීතය සංගීත ප්‍රසංගවල හැම සංගීත කන්ඩායක්ම අනිවාර්යයෙන් ගායනා කරන හිට් එකක් වූනා. මගේ ජනප්‍රියම චරිතය වුනේ ගමේ ගායකයා. එයාට සිංදු කියන්න දෙන්නෙම නෑ කවදාවත්. නියම වොයිස් එක. අර විරිඳු බන කැසට් වල විරිඳුවට පෙර කරන පූර්විකාව වගේ එකක් කාටුන් එක පටන් ගන්න පෙර යනව, ඒකත් බොහෝ සෙයින් ජනප්‍රිය වුනා.

මේ සියල්ල මතක් වුනේ දැන් විකශනය වන කාටුන් චරිත තුනක් ගැන කියන්න. ඒකත් යන්නෙ ජනප්‍රිය සිරස චැනල් එකේමයි. හවස 5.30 ත් 6.00 ත් අතර යන "ටොම් ඇන්ඩ් ජෙරී" (Tom and Jerry) වැඩසටහන අතරෙ යන එක් කාටුන් එකක්. මෙයත් බොහෝ සෙයින් ජනප්‍රිය "ඩ්‍රූෆී" (DROOPY) කියන චරිතය තියෙන කාටූන් එක. මේකෙ චරිත තුන තමයි ඩෲෆී (Droopy), ඩ්‍රිපල් (D ripple) සහ මැක් වුල්ෆ් (Mac Wolf). මගේ ප්‍රියතම චරිතය තමයි මැක් වුල්ෆ් කියන නරියා.

ඌගෙ වොයිස් එක මරු, ඊට අමතරව පිටපත ගැන, එයාගෙ දෙබස් ගැන, අධ්‍යක්ෂක ගැන එහෙමත් කතාකරනව. ආසම කරන දෙබසක් තමයි "මට කේන්ති යනව" කියන කෑල්ල. ඩෘෆී සහ ඩ්‍රිප්ල් කතා කරන විලාසයත් මාර ලස්සනයි. විස්තර කරන්න වචන නැහැ. අපේ රටේ එක්තරා ප්‍රදේශයක ජනයා කතා කරන්නෙ මේ දෙන්න කතා කරන ස්ටයිල් එකට. මට ඒක ගොඩක් දැනෙන්නෙ කොන්ඩෙ කපන බාබර් අයියත් කතා කරන්නෙ ඒ උරුවටමයි. ඒ නිසා කොන්ඩෙ කපන වෙලාවට මාර ආතල් එකක් ගන්නේ. නිවාඩු දාලා හරි එක දවසක් බලන්න. පට්ට ආතල්........

4 comments:

  1. Droophy කියන්නෙ අර කොයිවෙලාවෙත් කරටි කැඩෙන්න ගහලා වගේ කතා කරන කොට පොර නේද? එයාලට නං ඉතිං ඇති වැඩකුත් නෑ, හෙමිං ගමනකුත් නෑ නිසා හොයා ගන්න අමාරුයි. Asterix, Tin-Tin බාන නං ඉන්ටනැට්ට පැත්තෙ හෙව්වොත් pdf සැට් එකම බාගන්න පුළුවනි.

    ReplyDelete
  2. pdf සෙට් එක බාන්න ලින්ක් එකක් දෙන්න බැරිදෝ??

    ReplyDelete
  3. හැබැයි පට්ට කාටුන් එකක් අා!

    ReplyDelete
  4. @ තනි අලියා
    කොයි එකද...?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න